කුරුණෑගල නගරාධිපති 90 ගණන් වල ගව ඝතකාගාරයේ මුරකරුවෙක් – නලින් බණ්ඩාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 21, 2020

කුරුණෑගල නගරාධිපති 90 ගණන් වල ගව ඝතකාගාරයේ මුරකරුවෙක් – නලින් බණ්ඩාර

කුරුණෑගල නගරාධිපතිව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලයි.

පන්සල් භූමියක ලිඳක් කැපීම හේතුවෙනුත් ස්වාමින් වහන්සේලා අත්අඩංගුවට ගෙන ඇති නමුත් මහා සංහාරයක් සිදුකළ කුරුණෑගල නගරාධිපතිට එරෙහිව මේ වන විටත් කිසිඳු පරීක්ෂණයක් නොමැති බව ඒ මහතා පවසයි.

නගරාධිපතිගෙන් ආරම්භ කල විට තව බොහෝ දෙනෙකු මේ සඳහා සම්බන්ධ බවට ඒ මහතා ඊයේ(20) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේය.

90 ගණන් වල නගර සභාවේ අනියම් මුරකරුවකු ලෙස සේවයට එක වූ වත්මන් නගරාධිපති 4 වසර හෝ 5 වසර දක්වා පාසල් ගොස් ඇති බවත් එම කාලය තුළ මුර කර තිබෙන්නේද ගව ඝාතනාගාරය හා සුසාන භුමිය ලෙස පැවසීය.

ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ ගෝලයකු වන වත්මන් නගරාධිපති ඉන්පසු පළාත් සභාවේ රියදුරකු ලෙසද, අනතුරුව කුරුණෑගල බස් නැවතුම්පොළේ වේලා සටහන් කරුවකු ලෙසද එම කාලය තුළ කප්පම් ලබාගත් බවද ඒ මහතා පැවසීය.

මෙවැනි පුද්ගලයන්ට නගරාධිපති තනතුරු ලබා දී වටිනා පුරා විද්‍යා ස්ථාන අද විනසහ කරමින් සිටින බව ඒ මහතා පැවසීය.

ඒ මහතා දැක්වූ අදහස් පහතින්




No comments:

Post a Comment

Post Bottom Ad