සංගීතා වීරරත්න සහ රන්ජන් රාමනායක විසින් චරිත නිරුපනය කල වැඩිහිටියන්ට පමණක් සීමා වූ “බහු භාර්යා” චිත්‍රපටය සම්බන්ධයෙන් මේ වනවිට ආන්දෝලනාත්මක කථිකාවතක් ඇතිවී තිබේ.
ඒ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණසුරිය විසින් සිදුකල ප්‍රකාශයක් හේතුවෙනි. උදයකාන්ත විසින් සති අන්ත පුවත්පතක අතිරේකයකසම්මුඛ සාකච්ජාවකදී පවසා තිබුනේ චිත්‍රපටයේ ඇති සියලුම නිරුවත් දර්ශන ආදේශන නිළියක භාවිතා කිරීමකින් තොරව සංගීත විසින්ම පෙනී සිටි ඒවා බවයි.
උදයකාන්තගේ එම ප්‍රකාශය බලන්න පහතින්.
“චිත්‍රපටය නිර්මාණය කළේ වැඩිහිටියන්ට පමණයි කියන තේමාව යටතේ. ඇත්තටම මේ කතා තේමාවවත් ළමයින්ට සුදුසු නෑ. සංගීතා මේ චිත්‍රපටයේ ලිංගික දර්ශන නියමාකාරයෙන් රඟපෑවේ නැත්නම් ඒ දර්ශනවලට වෙනත් ආදේශක නිළියක් ගන්න මගේ අදහසක් තිබුණා. ඒ නිසා සංගීතාට මම කල්තියාම පැහැදිලි කිරීමක් කළා. නමුත් ඇය චරිතය භාරගන්න බැහැයි කිව්වේ නෑ.
බහුභාර්යා චිත්‍රපටයේදී අධ්‍යක්‍ෂවරයා විදියට මට විශාල වගකීමක් පැවරුණා. ඒ හිටියේ ලංකාවේ අතිශය ජනප්‍රිය වෙලා හිටපු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්. ඔවුන්ගේ චරිතවලට මේ නිසා කිසිදු හානියක් වෙන්න බෑ. ඒ නිසා ලිංගික දර්ශන රූගත කරද්දී සියලුම සුළු තාක්‍ෂණික ශිල්පීන්ව දර්ශන තලයෙන් ඉවත් කළා.”
උදයකාන්ත විසින් සිදුකරන ලද මෙම ප්‍රකාශය හමුවේ සංගීතා කලකිරී ඇත්තේ වෙළඳපොලේ හා අන්තර්ජාලයේ ඇති බහු බාර්යා චිත්‍රපටයේ පිටපත්වල චිත්‍රපටයේ අඩංගු නොවන ඇතැම් දර්ශනද එකතුකොට තිබීම හේතුවෙනි.
චිත්‍රපටයේ ඇතැම් දර්ශන සඳහා සංගීතාගේ අඩ නිරුවත් දර්ශන පෙන්වන අතරවාරයේ නිරුවත් පියයුරු යුවලක් ද එම දර්ශන සඳහා එකතුකොට තිබුණි.
කෙසේ නමුත් පසුව මෙම හේතුව නිසාවෙන්ම උදයකාන්ත වර්ණසුරිය විසින් නැවතත් ප්‍රකාශකොට තිබුනේ තමා ඩී.වී.ඩී පටයේ අන්තර්ගතයට වග නොකියන බවත් චිත්‍රපටයේ දර්ශන සම්බන්ධයෙන් පමණක් අදහස් පලකල බවත් යනුවෙනි.
ආන්දෝලනයට ලක්වූ එම චිත්‍රපටයට අලුතින් එකතු කරන ලද කොටස සහිතව සංස්කරණය කරන ලද වීඩියෝව පහතින්.
සටහන: මෙම වීඩියෝව අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් වූවක් නිසා 18ට වැඩි අය නැරඹීම වඩාත් සුදුසුය.
Wednesday, July 23, 2014

සංගීතාගේ නිරුවත නැවතත් ආන්දෝලනයට
Tags
# featured
# කලා පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
කලා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment