පත්තිනි දේවියගේ උපත ගැන කියවෙන හරිම ලස්සන අපූරු කතාව. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 18, 2017

පත්තිනි දේවියගේ උපත ගැන කියවෙන හරිම ලස්සන අපූරු කතාව.

ඉස්සර පඩි නම් රටේ පඩි නම් රජ කෙනෙක් රජ කලා.ඉතින් මේ රජුට තිබුනා අක්කර ගනනක් ලොකු අඹ වනයක්.ඒ කාලෙ අඹ අවාරේ.ඒත් මේ වනයේ එක ගසක හදිසියේම කල ගෙඩියක් වගෙ විශාල අඹ ගෙඩියක් හටගත්තා.

ඉතින් මෙම අරුම පුදුම අඹේ ගැන උයන බාරව හිටි උයන් පල්ලා රජ තුමාට දැන්නුවා.රජතුමා බොහෝ සෙයින් සතුටු වී මෙම අඹය නෙලා ගෙන එන්න තමන්ගෙ හේවායින් එක්ක වනයට ගියා.ඇත්තටම ඒ අඹය හරිම ලොකුයි. ඉතින් රජතුමා තමන්ගේ හේවායින්ට මේ අඹය දුන්නෙන් විද බිමට හෙලන්නට අණ කලා.

ඉතින් යාළුවනේ හේවායින් අඹ ගෙඩිය වෙත ඊතල ප්රලහාර එල්ල කලා.ඒත් රජතුමාගේ අතිදක්ෂ කිසිම හේවායෙකුටවත් මේ අරුම පුදුම අඹ ගෙඩිය අසලින් වත් යන්න හී විදින්න බැරි වුනා.බලන්නකෝ ඒකෙත් හැටි.ඉතින් අඹය නෙලා ගන්න බැරිවුනු කල රජතුමා රට පුරා අණබෙරයක් යැව්වා මේ අඹය නෙලා දෙන්න රටවැසියෙකුට ඉදිරිපත් වන ලෙස.මේ පුවත දැන ගත් ශක්රණ දෙවියන් මහල්ලෙක් විලස උයනට පැමිණියා.



ඔහු දුටු රජුට හා හේවායින්ට සිනා පහල වුනා.නමුත් අන් අයගේ උසුළු විසුළු මැද සක් දෙවිදු එක් හී පහරකින්ම අඹය බිමට හෙළුවා.මෙහිදී නොසිතූ සිදුවීමක් සිද්ධ වුනා.යාළුවනේ මේ පඩි රජතුමාට ඇස් තුනක් තිබුනා.ඉතින් අඹය කඩන අයුරු දෙස උඩ බලා සිටි පඩි රජතුමාගේ නලල මත තිබු ඇස මතට අඹ නටුවෙන් ගලා ආ කිරි බිංදුවක් වැටිනි.එම කිරි නිසා ඔහුගේ එම ඇස අන්ධ වූ බව පැවසෙනවා.තම ඇස අන්ධ කල අඹය කෙරේ කෝපයට පත්ව පඩි රජු අඹය පාරුවක තබා ගග දිගේ පහලට පා කර හැරියේ එයින් තමාට මෙන්ම තම රටටද කරදරයක් වේවි දෝ යැයි සිතාගෙන.

ඉතින් යාළුවනේ මේ අසාමාන්යම අඹය ගග දිගේ පහලට පාවී එනවිට ගග පහල දිය නාමින් සිටි තාපසවරයෙක්ට හමුවුණා.මේ විශාල අඹය දුටු ඔහු එය ගගෙන් ගොඩට ගෙන තමාගේ අසපුවට ගෙන ගොස් ආරක්ෂිත තැනක තිබ්බා.ඔන්න ඉතින් ඒ පාර සිද්ධ වුනේ අරුම පුදුම දෙයක්.හරියටම සත් දිනකට පසු මේ විශාල අඹ ගෙඩිය පැළී ඒ තුලින් අතිශයින්ම රෑමත් කුමාරිකාවක් උපත ලැබුවා. ඇය එතැන් සිටපත්තිනි නමින් හැදින්වූවා.

ඔන්න ඔහොමයි පත්තිනි උපත ඉතිහාසයේ දැක්වෙන්නේ…..
රූප කායෙන් අති සුන්දර ලදක් වූ පත්තිනි දේවිය තරුණ වියට එලඹීමත් සමග තම ගම් ප්රලදේශයට භාණ්ඩ වෙලදාමට ආ පලග නම් තරුණයෙක් හා සරණ පවා ගත්තා.පත්තිනිය තම සැමියාට ඉතාම පති භක්තියෙන් හා ආදරයෙන් සලකාගෙන ජීවත් වුනත් පලග තුල නම් ඇය කෙරේ එවැනි තත්වයක් තිබුනේ නෑ.ඔහු පෙරුම්කාරී නම් නලගනක් සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූවා.අනියම් සම්බන්ධතාවයට අමතරව ඔහු සූදු කෙලියටද පුරුදු වුනු නිසා දිනෙන් දින ඔවුන් අන්ත අසරණ තත්වයට ඇද වැටුනා.

දිනක් පත්තිනිය තම සැමියාට තම පාදයේ බැදි සලඹ දුන්නේ මුදල් අගහිගකම් හේතුවෙන් මදුරා පුරයට ගොස් එය විකුණා ගෙන ඒමටයි.ඉතින් යාළුවනේ පලග පත්තිනියගේ සලඹ විකුණාගන්නට මදුරාපුර බලා පිටත් වුනා.එහිදී ඔහුට නොසිතූ විරූ කරදරයකට මුහුනපාන්නට සිද්ධ වුනා.මදුරාපුර දේවියගේ රන් සලඹක් මේ කාලයේදීම සොරුන් විසින් පැහැර ගෙන තිබුනා.


ඉතින් සොරා සොයමින් ඇවිද්ද මදුරාපුර රාජ සේවකයින් පලග සමග පත්තිනි සලඹ අත්අඩංගුවට ගත්තේ එකී සලඹ දේවියගේ සලඹ යැයි වරදවා වටහා ගනිමින්.එය කෙසේ වුනත් මදුරාපුර දේවියගේ සලඹ සොරකම් කිරීමේ වරදට පඩි රජු විසින් පලගට මරණ දඩුවම නියම කලා.මේ ආකාරයට නිවරැද්දේ වැරදිකරුවෙකු වූ පලග අමු සොහොනකට ගොස් මරාදමා ඔහුගේ මලකද කොසඹ රුකක් යට පසින් යට කලා.මේ බවක් නොදත් පත්තිනිය තම සැමියා එනතෙක් මග බලන් සිටියා.

දිනක් ඇය නපුරු සිහිනයකින් තම සැමියා මරණයට පත්ව සිටිනු දුටුවා.ඒ වේලාවේම පඩි පුරයට ගිය පත්තිනිය ඔහු පිලිබද සොයා බලන්නට වුනා.විස්තර සොයා බැලීමේදී තම සැමියා හට උරුම වූ අකල් මරණය ඇයගේ කන වැකුනා.මෙයින් බලවත් ශෝකයට හා දුකට පත් වූ පත්තිනිය සැමියාට තිබූ පති භක්තිය මුල් කරගෙන සැමියා හට අකල් මරණයක් උරුම කල සියල්ලන්ගෙන්ම පලි ගන්නට සිතා ගත්තා.


ඔහු තමා හට කුමන වෙනස්කම් සිදු කලත් ඈ ඔහු කෙරේ තිබූ ස්වාමි භක්තිය මෙයින් මනාවට පැහැදිලි වෙනවා නේද යාළුවනේ….ඉතින් ඇය තමාගේ වම් පියයුර කඩා පඩි පුර පොලොවේ ගසමින් මුළු පඩි පුරයටම සාප කරන්නට පටන් ගත්තා.පත්තිනියගේ මේ ශාපයෙන් පඩිපුරම ගිනි ජාලාවක් වී අධර්මිෂ්ඨ පුද්ගලයින් සියල්ලම මේ ගින්නෙන් ඇවිලෙන්නට වුනා.පුරාණ පොත්පත් වල කියවෙන පරිදි අවසානයේ ඇය තමන්ගේ පතිව්රේතා බලයෙන් පාලගට පණ දී කිරි උතුරවා පඩි පුරයටම සෙත් පැතුවාලු.

ඉතිහාසයේ සදහන් වන පරිදි පත්තිනිය ඉතා බලගතු දේවියක වන්නේ ඇය තුල පැවති පති භක්තිය හේතු කොට ගෙනය.අදටත් කිරි අම්මා දානයක් දීමේදී පත්තිනිය හට පුද කරනුයේ ඇය සැබවින්ම දේවත්වයෙන් පිරිපුනා ආදරණීය මාතාවක් නිසා කියලයි ජන වහරේ පවතින්නේ.ඉතින් මගේ යාළුවනේ විටෙක සත් පත්තිනි තවත් විටෙක දොලොස් පත්තිනි ලෙස හදුන්වන්නා වූ මේ දේවතාවිය තිස් දහසක් නාග මානකාවියන් පිරිවරාගෙන නවගමුවේ දේවාලයෙහි වැඩ සිටිනා බවට බැතිමතුන්ගේ මතයක් පවතිනවා….

.ඉතිහාසයේ සමහරක් තැනක පත්තිනි දේවිය “හත් පත්තිනි ,දොලොස් පත්තිනි” ආදී නම් වලින් හදුන්වනවා.එයට හේතුව වන්නේ ඇයගේ උපත සත් වරක් හෝ දොලොස් වරක් සිදුවී යැයි මතයක් තිබෙනවා. හත් පත්තිනි ලෙස හදුන්වන්නේ ඇය දියෙන්,දලෙන්,ගලෙන්,ගින්නෙන්,අඹෙන්,කුලෙන්,මලෙන් යන ආකාරයෙන් සත් වාරයක් උපන් නිසාලු.

දොලොස් පත්තිනි ලෙස හදුන්වන්නේ ඇය පිනි බිංදුවෙන්,දලෙන්,දෙමට මලෙන්,ගලෙන්,සළුවෙන්,නයි කදුලෙන්,අඹෙන්,සුලගින්,සළඹෙන්,ගිනි දැල්ලෙන්,සිගා රැල්ලෙන් යන ආකාරවලට උපන් නිසාලු.ඔය කොහොම වුනත් පත්තිනි දේවියගේ උපත් ගනන නම් හතකට වඩා වැඩි බව අපට පැහැදිලියි.ඒ සදහා ඇය ගැන පවසන පහත කවියද සසදා බලන්න යාළුවනේ……

ජලෙනි,දලෙනි,මලෙනි,සලඹ වරෙක උපන්නා
ගලෙනි,කුලෙනි,සළුවෙනි එක් වරෙක උපන්නා
අඹෙනි,දඹෙනි,නයි කදුලෙනි වරෙක උපන්නා
එවැනි තෙදැති පතිනි මෙලක දිවබල පෙන්නා


ඔරුමාල පත්තිනි,වැඩිමොඩි පත්තිනි,ශිව පත්තිනි,සිද්ධ පත්තිනි,ගිනි පත්තිනි,තෙද පත්තිනි,ජල මේඝ පත්තිනි,මල් පත්තිනි,කනක බිසෝ,ශ්‍රී මහා පත්තිනි,අම්මා දේවිය,හලඹ කුමාරි,කිරි අම්මා,මා පත්තිනි,වීර පත්තිනි,සිරිමා පත්තිනි,හදුන් කුමාරි ආදී නම් වලින්ද මැයව හදුන්වනු ලබනවා.

No comments:

Post a Comment

Post Bottom Ad