යෝජිත විද්‍යුත් හැඳුනුම්පත නිකුත් කරන තෙක් ලබන මැයි මාසයේ සිට ස්මාර්ට් හැඳුනුම්පතක් නිකුත් කිරීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා.
ඒ අනුව 1972 වර්ෂයේ සිට මේ දක්වා නිකුත් කෙරෙන පැරණි ලැමිනේටින් හැඳුනුම්පත මෙම ස්මාර්ට් හැඳුනුම්පතත් සමග අහෝසි වනු ඇති. මෙම අනාරක්ෂිත හැඳුනුම්පත් ක්‍රමය හේතුවෙන් විවිධ නීති විරෝධී ක්‍රියාවන්ට ඉඩ සැලසීම හේතුවෙන් මෙම නව හැදුනුම්පත නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
වයස අවුරුදු 15 සම්පූර්ණ කළ තරුණ තරුණියන්ටද නව හැදුනුම්පත සඳහා ඉල්ලුම් කළ හැකියි.හැඳුනුම්පත් සංශෝධන හා අස්ථානගතවීම් සඳහා ද මෙම නව ස්මාර්ට් හැඳුනුම්පත අලූතින් නිකුත් කෙරෙනු ඇති.
Tuesday, April 18, 2017

ඔබගේ ජාතික හැඳුනුම්පත් අවලංගුයි දැන්ම වලංගු හැදුනුම්පතක් කරගන්න හැටි දැනගන්න
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment