ඒ ඉන්දීය සිනමා නිෂ්පාදිකාවක් වන එක්තා කපූර්ගේ නවතම චිත්රපටය තුලයි. මෙම සිනමා නිර්මාණය නම් කොට ඇත්තේ “XXX” නමින්. XXX චිත්රපටය තවමත් වැඩ අවසන් කර නොමැති වුවත්, එය දැනමත් විශාල කතාබහකට ලක්ව අවසන්.
එක්තා කපූර්, ශ්රී ලංකාව තුල විශාල ජනප්රියත්වයක් හිමි කර ගත් “මහගෙදර”, “සුජාතා” ආදී කතා මාලාවන්හි නිර්මාණකාරිය ද වනවා. කපූර් විසින් තම XXX චිත්රපටයේ චරිතයක් සඳහා පළමුවෙන්ම ආරාධනා කර ඇත්තේ, අතීත කාමෝද්දීපන චිත්රපට නිළියක වූ සනී ලියෝන් හට යි. නමුත් සනී විසින් එම ආරාධනාව ප්රතික්ෂේප කර තිබෙනවා.
XXX චිත්රපටයේ නිරුවත් රංගනයන්ට එකඟ වූ නළු නිළියන් හය දෙනාගේම නම් තවමත් හෙළි වී නැහැ. නමුත් ඉන් දෙදෙනෙකු පිළිබඳව BBC පුවත් සේවය වාර්තා කර තිබුණා.
ඒ 24 හැවිරිදි තරුණ නිරූපිකාවක, රූපවාහිනී නිළියක වන කයිරා දත් සහ තරුණ රූපවාහිනී නළුවෙකු වන රිත්වික් ධන්ජානී යන නළු නිළි දෙපළ යි. ඔවුන් දෙදෙනාගේම ප්රථම සිනමා නිර්මාණය වන්නේ XXX චිත්රපටය වන අතර, දෙදෙනාම නිරුවත් රංගනයකින් බොලිවුඩයට පිවිසීම විශේෂ කරුණක් වනවා.
කයිරා දත්ගේ සහ රිත්වික් ධන්ජානීගේ ඡායාරූප පෙළක් පහතින්
No comments:
Post a Comment