තුන්වැනි අනියම් සැමියා සමඟ මාස 11ක පිරිමි දරුවාට වදහිංසා කළ මව රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 21, 2019

තුන්වැනි අනියම් සැමියා සමඟ මාස 11ක පිරිමි දරුවාට වදහිංසා කළ මව රිමාන්ඩ්

විවාහක සැමියාට දාව ලැබ සිටි අවුරුදු 4 මාස 11ක පිරිමි දරුවකුට තුන්වන අනියම් සැමියා සමඟ එක්ව කුරිරු වධහිංසා දී තුවාල කර ඇතැයි කියන 28 හැවිරිදි මවක් පෙබරවාර් 1දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය 18දා නියෝග කළාය. මෙම කාන්තාව සිය තුන්වන
අනියම් සැමියා සහ මෙම දරුවාද
සමඟ  සීදුව ප්‍රදේශයේ දරුවාගේ මිත්තණියගේ නිවෙසේ පදිංචිව සිට ඇත.

දරුවා ජීවත් කරවීම තමන්ට මහත් හිරිහැරයක් යැයි පවසමින් මෙම මව අනියම් පුරුෂයා සමඟ නිතරම දරුවාට කුරිරු වධහිංසා කිරීමට පටන් ගෙන ඇත. දරුවා මහත් වේදනාවෙන් කෑ ගසන බවද කියා තිබිණි. දරුවාට දෙන වධහිංසාවලට මිත්තණිය එරෙහි වීම නිසා දරුවාගේ මව සහ අනියම් පුරුෂයා සීදුව ප්‍රදේශයේම  වෙනත් නිවසක කාමරයක් කුලියට ගෙන ගොස් තිබේ.

දින දෙකකින් පසුව මිත්තණිය දරුවා ගැන සොයා බැලීමට එම බෝඩිං කාමරයට ගියවිට දරුවාගේ සිරුරේ ස්ථාන කිහිපයක පිලිස්සුම් තුවාල තිබී ඇත. අතක් අඹරා කඩා තිබූ බවද පැමිණිල්ලේ  සඳහන්ය. මිත්තණිය කළ පැමිණිල්ලකට අනුව සීදුව පොලිසිය මෙම කාන්තාව හා දරුවා පොලිස් භාරයට ගනු ලැබීය. දරුවා මීගමුව  රෝහලට ඇතුළත් කර තිබේ.

-නිමන්ති ප්‍රනාන්දු-

No comments:

Post a Comment

Post Bottom Ad