ලංකාව එපාවූ තිසර නවසීලන්තයේ වාසයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 23, 2014

ලංකාව එපාවූ තිසර නවසීලන්තයේ වාසයට

තිසර පෙරේරා මේ වන විට ටෙස්ට් තරඟ 06 කට ක්‍රීඩාකර ලකුණු 203 ක් රැස්කර කඩුළු 11 ක් දවාගැනීමට සමත්ව තිබෙනවා. එක්දින තරඟ 76 කදී ඔහු ලකුණු 784 ක් ලබාගෙන ඇති අතර කඩුළු 94 ක් බිඳ දමා තිබෙනවා. 

පන්දුවාර 20 යි 20 කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයකු ලෙස කටයුතු කළ ඔහු තරග 38 කදී ලකුණු 466 ක් රැස්කරගනිමින් දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 23 ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙළ තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ‍මානසික‍ පීඩන තත්වයක් සඳහා මේ දිනවල ප්‍රතිකාර ලබාගනිමින් සිටින බව වාර්ථා වේ. ඔහු රෝගී තත්වයට පත්වූයේ ජාතික කණ්ඩාය‍මෙන් ඉවත්කර ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සදහා නම්කිරීමත් සමගයි. 

මෙලෙස ඔහුගේ තැන අහිමිවීමට හේතුව ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියකු සමග ඇතිකරගත් ආරවුලක් බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් තිසර පෙරේරා පසුගිය කාලය පුරාම ක්‍රිකට් ක්‍රීඩකයින් අතර විශේෂ චරිතයක් වුණා. ඔහු ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩාකරන අවධියේ සිට සියළුම සංචාර සදහා සිය පෙම්වතිය රැගෙන ගිය අතර එය පුරුද්දක් වී තිබුණා.

කෙසේ වෙතත් තිසර පෙරේරාගේ සමීපතමයකු කියා සිටියේ ඔහු ඉදිරි දින කිහිපයේදී ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට තීරණය කර සිටින බවයි. කණ්ඩායම තුල ඔහු කොන්වී සිටීමත් ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම සදහා ඔහුව නම්කිරීමත් ඒ සදහා හේතු වී තිබෙනවා. 

එමෙන්ම ඔහු කැරිබියන් ප්‍රිමිය ලීග් තරඟාවලිය සදහා සහභාගීවීමට අවසර ඉල්ලා සිටියත් ක්‍රිකට් ආයතනය ඊට අවසර ලබා දී නැහැ. මෙම හේතූන් මත මානසික පීඩනයකට ලක්වූ තිසර පෙරේරා මේ වන විට ඒ සදහා වෛද්‍ය ප්‍රතිකර ලබාගන්නා බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඔහු ක්‍රිකට් පිටියෙන් සමු‍ගැනීමෙන් අනතුරුව නවසීලන්තගේ වාසය සදහා පිටත්ව යාමට නියමිත බවත් සඳහන්. ඒ සදහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් ඇතැයිද වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad