CIDය මග හැරි හිටපු අමාත්‍ය රිෂාඩ්ට අධිකරණයෙන් දුන් නියෝගය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 21, 2020

CIDය මග හැරි හිටපු අමාත්‍ය රිෂාඩ්ට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ලබන 27 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබෙනවා.

ඒ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට අදාලව සිදුකෙරෙන විමර්ශන වලට අදාලව හිටපු ඇමතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එම නියෝග කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ඊයේ දිනයේදී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබුනත් ඔහු ඊයේ එහි නොපැමිණි බවයි වාර්තා වන්නේ.

මේ අතර මහ මැතිවරණය අවසන් වන තෙක් හිටපු අමාත්‍යවරුන් වන රිෂාඩ් බදුර්දීන් සහ රවී කරුණානායකට එරෙහිව සිදුකරන පොලිස් පරීක්ෂණ අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad