හික්කඩුව සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්.. අධ්‍යක්ෂවරුන් 7 න් 7 ම පොහොට්ටුවට.. එජාපයට-ශ‍්‍රීලනිපයට එකක්වත් නෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 9, 2017

හික්කඩුව සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්.. අධ්‍යක්ෂවරුන් 7 න් 7 ම පොහොට්ටුවට.. එජාපයට-ශ‍්‍රීලනිපයට එකක්වත් නෑ..



ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ආසනයේ සි/ස හික්කඩුව විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණයෙන් මේ සෙනසුරාදා අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයට හිමිවිය.

සි/ස හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ පාලක අධ්‍යක්ෂක මණ්ඩලයට සාමජිකයින් 7 දෙනෙකුගෙන් සමනවිත වේ. මෙවර එම අධ්‍යක්ෂක මණ්ඩල සාමජිකයින් 7 දෙනාම ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග කොට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූහ. ආණ්ඩුවේ ප්‍රමුඛ පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රිලනිප මෛත්‍රී පිල එක්ව එකම අධ්‍යක්ෂක මණ්ඩල සාමජිකයකු හෝ දිනාගැනීමට නොහැකි වීම විශේෂිත ය.

මෙම ජයග්‍රහණය මෙහෙයවීම ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් විනී කාරියවසම් විසින් සිදු කලහ.


No comments:

Post a Comment

Post Bottom Ad