මැලිබන් බිස්කට් එකක ගෝස් කෑල්ලක් (ඡායා) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, October 17, 2020

මැලිබන් බිස්කට් එකක ගෝස් කෑල්ලක් (ඡායා)

මැලිබන් මිල්ක් ෂෝර්ට්කේක් බිස්කට් පැකට්ටුවක් තුළ වූ බිස්කට්ටුවක තිබී ගෝස් (gauze) කැබැල්ලක් හමුව තිබේ. පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා සිය ෆේස්බුක් පිටුවේ ඊට අදාළ ඡායාරූප පෙළක් පලකරමින් මේ බව හෙළිකර ඇත.

මේ අතර, අදාළ බිස්කට් පැකට්ටුව මිලදී ගත් අයට මැලිබන් සමාගමේ නිලධාරීන් පිරිසක් පැමිණ එම බිස්කට් පැකට්ටුව නැවත ලබාගනිමින් බිස්කට් පාර්සලක් ලබාදීමට උත්සාහ කර ඇතැයි ද වාර්තා වේ.

මැලිබන් බිස්කට් සමාගම 1954 වසරේදී බිස්කට් නිෂ්පාදනය ආරම්භ කරන ලද සමාගමකි.

බිස්කට්වලට අමතරව එම සමාගම තේ, කිරිපිටි හා පෝෂණ අතිරේකයක්ද නිෂ්පාදනය කරනු ලබයි.

එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ රත්නපාල සමරවීර මහතාය.

කුමුදිකා පුනාන්දු එහි ප්‍රධාන විධායක නිලධාරිණිය ලෙස කටයුතු කරන අතර, තරංගිත සමරවීර හා ශානක වික්‍රමපාල යන මහත්වරුන් එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනු ලබයි.

මැලිබන් බිස්කට් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන තවත් බිස්කට් වර්ගයක් තුලද මෙවැනි ද්‍රව්‍ය තිබී හමු වී ඇති බවද පාරිභෝගිකයන් පවසනවා එම හෙළිදරව්ව ඉදිරියේදී බලාපොරොත්තු වන්න  









No comments:

Post a Comment

Post Bottom Ad