ඔහු මේ අදහස් පල කලේ, මේ දින වල ඒ මහතාට එරෙහිව, මාධ්‍යවේදී සේපාල් අමරසේකර මහතා ඇතුලු විශාල පිරිසක්, ෆේස්බුක් අඩවිය තුල එල්ල කල විවිධ චෝදනා සම්බන්ධයෙන් AM GOSSIP කල විමසීමකදී. අමරසේකර මහතාගේ චෝදනා පිළිබඳව සන්නස්ගල මහතා මෙසේ අදහස් පල කලා.
“සේපාල් අමරසිංහ කාලෙක මගේ මිත්‍රයෙක්. මම රත්මලානෙන් ජන්දෙ ඉල්ලන හින්දා මේ දවස්වල එයා මගේ කැම්පේන් එක කරනවා. විවේචනය නොවන චරිතයක් ලෝකයේ කොහේදිවත් චරිතයක් වන්නේ නැහැ. ඒක හින්දා සේපාල් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන්නේ මගේ කොන්ත්‍රාත්තුවක්. ඒ ගැන මම සේපාල්ට ස්තූති කරනවා. සේපාල් විතරක් නෙවෙයි. මම දේශපාලනය කරන්න යන මේ වගේ වෙලාවක, නොමිලේම ස්වෙච්ඡාවෙන් ප්‍රචාරණ කටයුතු භාර ගැනීම සම්බන්ධව, සයිබර් අවකාශය ඇතුලේ මා පිළිබඳව කතා කරන සියළුම දෙනාට මම ස්තූතිවන්ත වෙනවා.”සේපාල් අමරසිංහ මහතා එල්ල කර තිබූ චෝදනා වලට ප්‍රධාන වශයෙන් හේතු වූයේ, පසුගිය 6 වන දා පැවැත්වුණු, සිය මාධ්‍ය ජීවිතයේ තිස් වසරක අත්දැකීම් ඔස්සේ, සන්නස්ගල මහතා විසින් ලියු පොත් 15 ක් එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන දේශණය සඳහා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර තිබීම යි.
එම උත්සවය වර්ජනය කරන ලෙස ඉල්ලමින්, අමරසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට ලිපියක් ද යවා තිබුණා. ඒ සම්බන්ධයෙන් සන්නස්ගල මහතාගේ අදහස වූයේ මෙවැන්නක්.
“මගේ උත්සවයට ආවේ ඇයි කියලා අහන්න ඕනේ ජනාධිපතිතුමාගෙන්. එතුමානේ ආවේ. එනවා ද නැද්ද කියන එක තීරණය කලේ එතුමා. ඒ වෙලාවේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් කරපු කතා දෙක ඇහුවා නම් ඔය ප්‍රශ්ණ වලට උත්තර තියෙයි. ඒකට මම උත්තර දෙන්න ඕනේ නෑ.”උත්සවය පිළිබඳ චෝදනා වලට අමතරව, සන්නස්ගල මහතා විසින් සිදු කලා යැයි කියන විභාග ප්‍රශ්ණ පත්‍ර සොරකම් කිරීම, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ මනමේ පිටපත සොරකම් කිරීම, මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ කෘතීන් ව්‍යාජ ලෙස පල කිරීම ආදී වූ සිදුවීම් සම්බන්ධයෙන් ද ෆේස්බුක් අඩවිය තුල බොහෝ චෝදනා නැගෙමින් පවතිනවා.
එමෙන්ම මෙම සිදුවීම් පිළිබඳව, සුචරිත ගම්ලත් මහතාගේ බිරිඳ වන ශාන්තා ගම්ලත් මහත්මිය, තමා සමඟ කල දුරකතන සංවාදයක් ද සේපාල් අමරසිංහ මහතා විසින් ෆේස්බුක් වෙත මුදාහැර තිබුණා. ඒවා පිළිබඳව සන්නස්ගල මහතා පල කලේ මෙවන් අදහසක්.
“මට විරුද්ධව ෆේස්බුක් එකේ ටයිප් කරනවාට වැඩිය හොඳයි, නීතිමය පියවරක් ගන්න එක. මේ සියල්ලම නීතිමය ගැටළු. මම ප්‍රශ්ණ පත්තර හොරකම් කරලා තියෙනවා නම්, පොලිස්පති කෙනෙක් ඉන්නවා, අධිකරණයක් තියෙනවා, අගවිනිසුරුවරයෙක් ඉන්නවා. ඒවා නීතියෙන් බේරගන්න පුලුවන්. මම ඕවාට ෆේස්බුක් එකෙන් උත්තර දෙන්න ඕන නෑ. මේ වෙලාවේ දී මහින්ද රාජපක්ෂ මැතිතුමාව නැවත ගේන්න හදන පිරිස තමයි මේක පිටිපස්සෙ ඉන්නේ.”
සේපාල් අමරසිංහ මහතා ජනාධිපති වරයාට යැවූ ලිපිය
No comments:
Post a Comment