ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වරෙන්තු  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වරෙන්තු 

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වරෙන්තු බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08) වරෙන්තු නිකුත් කළේය.

අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ හා පෙළපාළි තහනම් කරන උසාවිය නියෝගයක් තිබිය දී එය නොතකා උද්ඝෝෂණ කළැයි අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබීය දී අධිකරණය මග හැරීම සම්බන්ධයෙන් ඥානසාර හිමිට එම වරෙන්තුව නිකුත් විය.

ඥානසාර හිමි විදෙස් ගතවී ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad