පරණ අය ගෙදර යවන්න මහ ඡන්දෙට ගෝඨාභයගෙන් අලුත් මුහුණු සියයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 8, 2020

පරණ අය ගෙදර යවන්න මහ ඡන්දෙට ගෝඨාභයගෙන් අලුත් මුහුණු සියයක්

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 100 ක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව වාර්තාවේ.
මේ සඳහා උගත්, බුද්ධිමත් තරුණ පිරිසක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත ක්‍රියාත්මක වෙන මෙම වැඩ පිළිවෙළ සඳහා ඉදිරි මැතිවරණයේදී දිස්ත්‍රික්ක මට්ටමින් තරග කිරීම සඳහා මේ අලුත් මුහුණු ද ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
පොහොට්ටු සන්ධානයෙන් වියත්මඟට විරෝධයක් !

මේ අතර 'අනිද්දා' පුවත්පත පසුගියදා වාර්තා කර තිබුනේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතවත් 'වියත්මඟ' සංවිධානයේ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකත්වය දරන කිසිඳු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහ මැතිවරණයේදී අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයින් අතර විරෝධයක් මතුව ඇති බවයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයින් හා හිටපු හමුදා නිලධාරීන් පිරිසක් මෙලෙස මහ මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින අතර ආචාර්ය නාලක ගොඩහේවා, මිලින්ද රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් හා ආචාර්ය චරිත හේරත් ඒ පිරිස අතර සිටිති.

එම අපේක්ෂකයින් ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් දේශපාලනඥයින්ට පරිබාහිර වියතුන් පිරිසක් ලෙස හඳුන්වා ප්‍රවර්ධනය කිරීමට කටයුතු යොදා ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන්වේ.

සෑම දිස්ත්‍රීක්කයකටම එලෙස වියතුන් දෙදෙනා බැගින් ඉදිරිපත්වීමට බලාපොරොත්තුවන බව  පසුගියදා අප විසින් වාර්තා කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad