රන්ජන් ගැන තීරණයක් ගැනීමට එජාපයෙන් සූදානමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 8, 2020

රන්ජන් ගැන තීරණයක් ගැනීමට එජාපයෙන් සූදානමක්

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වනවා.
ඒ, ඔහු විසින් සිදුකළ බව කියන දුරකතන සංවාද ඇතුළත් හඬපට අනාවරණවීමත් සමගයි.

දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා පැවසුවේ. ඉදිරි දිනයකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක කැඳවා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සූදානම් බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.


නීති අංශයේ නිලධාරියෙකු අමතා කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් තොරතුරු විමසුව ද එහි ගැටලූවක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂණ රාජකරුණා පැවසුවේ.

2016 වසරේ මාදිවෙල මන්තී‍්‍ර නිවාස සංකීර්ණයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක අතර සිදුවන දුරකතන සංවාදයක් ද ඊයේ අනාවරණ වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad