සංඝ සභාව ඇරඹේ - අස්ගිරි මහ නා හිමි ද? අනු නා හිමි ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 8, 2015

සංඝ සභාව ඇරඹේ - අස්ගිරි මහ නා හිමි ද? අනු නා හිමි ද?

සංඝ සභාව ඇරඹේ - අස්ගිරි මහ නා හිමි ද? අනු නා හිමි ද?
ස්‍යාමෝපාලි මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ 21 වැනි මහානායක ධුරයට පත් වන්නේ කවුරුන් වහන්සේද යන්න පිළිබඳව දැන් පැවැත්වෙන අස්ගිරි කාරක සංඝ සභාවේදී කතිතා වෙමින් පවතින බව වාර්තා වෙයි.
අස්ගිරි මහ විහාරීය විංසත් වර්ගික කාරක සංඝ සභාව මඟින් මේ සඳහා අවසන් තීරණය ගනු ලබන අතර ඒ සඳහා 18 නමකින් යුත් සංඝයා වහන්සේලා පිරිසක් රැස්වී ඇත.

අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසිකාගාරයේ දැන් පැවැත්වෙන මෙම රැස්වීමේ දී යම් හෙයකින් දැනට අනුනායක ධූරයේ කටයුතු කරන ගලගම ශ්‍රී අත්තදස්සි අනු නායක මිහියන් මහ නායක ධූරය සඳහා තෝරාගනු ලැබුව හොත් ඉන් පුරප්පාඩු වන අනු නායක ධූරය සඳහා ද නමක් යෝජනා කිරීමට කතිතා වෙමින් පවතින බවත් වාර්තා වෙයි.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් ඉකුත් මස 8වැනිදා අලුයම අපවත්වී වදාළ බව අතිශය සංවේගයෙන් වාර්තා විය. 

මහ නාහිමියෝ අපවත් වූයේ සිංගප්පූරුවේ එලිසබෙත් මවුන්ට් රෝහලේ ප්‍රතිකාර ලබමින් වැඩ සිටියදීය. බුද්ධරක්ඛිත මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ඉකුත්12වැනිදා අස්ගිරි ක්‍රීඩාංගණයේදී සිදු විය. 

No comments:

Post a Comment

Post Bottom Ad