ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාව සිදුකල මානුෂීය මෙහෙයුම රටටත් ලෝකයටත් වාර්තා කිරීම සඳහා යුධ බිමට ගිය ජනමාධ්‍යවේදීන් මෙරට ජනතාවගේ ආදරයට සහ ගෞරවයට පාත්‍ර විය. ඒ අතරින් ජාතික රූපවාහිනිය නියෝජනය කරමින් යුධබිමේ සිට අඛන්ඩව තොරතුරු වාර්තා කල සමන්කුමාර රාමවික්‍රම ප්‍රධානතම චරිතයකි.
ඒ සමන් කුමාර රාමවික්‍රම සිදුකල ඉතිහාසයේ මහා පාවාදීම සහ අද ඔහු ජීවත්වන ආකාරය පිළිබඳ තොරතුරු කිහිපයක් අප වෙත වාර්තා වී තිබේ. 2009 වසරේ යුද්ධ අවසානයේ සිට අද දක්වා ජාත්‍යන්තර ප්‍රජාව වෙතින් අපට එල්ල වන යුධ අපරාධ චෝදනාවෙන් සම්පූරණ වශයෙන් ගැලවීමට තවමත් අපට හැකියාවක් ලැබී නොමැත. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ සංහිඳියා වැඩපිළිවෙල නොවන්නට මේ වනවිට ලංකාව යුධ අපරාධ චෝදනා නිසා ජාත්‍යන්තර සම්බාධක වලටද ලක්වනු ඇත.
යුධ අපරාධ චෝදනා ගැන සැලකීමේදී බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් පළකල විකෘති කරන ලද දර්ශණ සහිත වීඩියෝ වාර්තා ලෝකයම කැළඹූ අතර ඒ දර්ශණ තුලින් මෙරට යුධ හමුදාව සිදුකල යුධ අපරාධ තහවුරු වන බවට එල්ල වූ චෝදනාව ඉතා දරුණුය. බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවට මෙම විකෘති කරන ලද දර්ශණ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මූලික දත්ත ලබාදුන්නේ කවුද? එම සටන් බිමේ සිටි හමුදා නායකයින් පිළිබඳ තොරතුරු ලබා දුන්නේ කවුද?
ඒ වෙන කිසිවෙකුත් නොව රූපවාහිනී මාධ්‍යවේදී සමන්කුමාර රාමවික්‍රමයි.
අවසන් සටනේදී හමුදාව වෙත භාර වූ දෙමළ ජනතාවගේ වටිනා බඩු භාහිරාදිය කිහිපයක් වංචනික ලෙස ලබාගෙන දකුණට පැමිණෙමින් සිටියදී පොලිස් අත් අඩංගුවට ලක්වීම නිසා වැඩ තහනමකට ලක්වූ මොහු මේ වනවිට පළාගොස් සිටින්නේ එක්සත් ජනපදයේය. ඒ යුධ සමයේදී සමන්කුමාර රාමවික්‍රමට ආරක්ෂාව ලබාදෙමින් වාර්තාකරණයට අවශ්‍ය පහසුකම් සැලසූ 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ අනුදැනුම මත වන බව අනාවරණය වී තිබේ.
ඒ යුධ වාර්තාකරනයේදී තමන්ව අනෙකුත් හමුදා නායකයින් අභිබවා ඉහළට ගෙන ඒම සඳහා සිදුකල මෙහෙය වෙනුවෙන් කල ප්‍රතිඋපකාරයක් වශයෙන්ය. ඩොලර් මිලියන ගණනකට බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාවට අදාළ දත්ත ලබාදුන් සමන්කුමාර රාමවික්‍රම මේ වනවිට එක්සත් ජනපදයේ රැකියාවක නිරතවෙමින් ඉතා සුවපහසු ජීවිතයක් ගතකරන බව අනාවරණය වී ඇත.
උපුටා ගැනීම : harigossip.com
Friday, May 19, 2017

යුධ මාධ්‍යවේදී සමන්කුමාර රාමවික්‍රම සිදුකල ඉතිහාසයේ මහා පාවාදීම මෙන්න (Exclusive)
Tags
# අනාවරණ
Share This

About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment