පොලිස් නිල සුනඛ වෙන්දේසිය නවතී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

පොලිස් නිල සුනඛ වෙන්දේසිය නවතී

පොලිස් නිල සුනඛ වෙන්දේසිය නවතී

මින් ඉදිරියට පොලිස් නිලසුනඛ වෙන්දේසි නතර කිරීමට තීරණය කර තිබේ.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

පොලිස් නිල සුනඛ කොට්ඨාශයට අයත් සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසියක් පසුගිය මස 15 වන දා මහනුවර දී පැවැත්විනි.

එහිදී වයස අවුරුදු 10 ඉක්ම වූ නිල සුනඛයින් 25 දෙනෙකු වෙන්දේසි වී තිබිණි.

එහිදී සමාජ මාධ්‍යයේ ඒ පිළිබදව කතාබහට ලක්වූ අතර, ඊට දැඩි විරෝධයක් ද එල්ල විය.

කෙසේ වෙතත්, මින් ඉදිරියට එලෙස සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසි නොකරන ලෙසටත් එම සතුන්ට සුදුසු පරිදි පහසුකම් ලබාදී පොලිස් නිළ සුනඛ කොට්ඨාශය විසින් රැක බලා ගැනීම සිදුකළ යුතු බවට ද ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad