20ට සජිත්ගෙන් විකල්පයක් - 19 ප්ලස් ගේන්න යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

20ට සජිත්ගෙන් විකල්පයක් - 19 ප්ලස් ගේන්න යයි

20ට සජිත්ගෙන් විකල්පයක් - 19 ප්ලස් ගේන්න යයි

20 වන සංශෝධනයට දැඩිව විරෝධය පල කරන බවත් ඊට විකල්පයක් ලෙස තමන් වැඩසටහනක් ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ අනුව තමන් 19 ප්ලස් වැඩසටහන ඉදිරිපත් කරන බව අද(08) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා පැවසීය.

සෛවරී රටක්, ඒකීය රටක්, දේශපාලන නිදහස ආරක්ෂා කරන, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩසටහනක් 19 ප්ලස් ක්‍රියාත්මක කරන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ පිළීබඳ පුළුල්ව සාකච්ඡා කරන බවත් මේවන විට එය කෙටුම්පත් කරමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad