20 සම්මත කර ගැනීමේ අවුලක් - ආණ්ඩුවේ ඇතුළෙන්ම විරෝධයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, September 8, 2020

20 සම්මත කර ගැනීමේ අවුලක් - ආණ්ඩුවේ ඇතුළෙන්ම විරෝධයක්

20 සම්මත කර ගැනීමේ අවුලක් - ආණ්ඩුවේ ඇතුළෙන්ම විරෝධයක්

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ ඇතැම් වගන්ති කිහිපයකට ආණ්ඩුවේ ඇමැතිවරු කිහිපදෙනෙකු සහ මන්ත්‍රීවරු පිරිසක් විරෝධය පල කර ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙක් දෙකක බහුතරයකින් සම්මත කර ගැනීම දැඩි අර්බුදකාරී තත්වයකට පත් ව ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසීය.

ඒ අනුව 19 වන සංශෝධනයේ පැවැති ද්විත්ව පුරවැසිභාවය පිළිබද සීමා ඉවත් කිරීම, ඇමැති මණ්ඩලය පත් කිරීමේදී ඇමැතිවරු සංඛ්‍යාවේ සීමාව ඉවත් කිරීම, විගණන පනත අහෝසි කිරීම යන කරුණු පිළිබඳ සිය ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විරෝධය දක්වා තිබේ.

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරු කිහිපදෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් 20කට ආසන්න පිරිසක් ඊට විරෝධය පල කර ඇති අතර ඉහත වගන්ති තුන 20 වන සංශෝධනයට ඇතුළත් විය යුතු බවට ඔවුන් අදහස් පල කර ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad