ඇමරිකානු ජනාධිපතිගේ ප්‍රධාන ක්‍රමෝපාය උපදේශක ස්ටීව් බෙනන් එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ධවල මන්දිර ප්‍රකාශිකාව සඳහන් කළේ බෙනන් අවබෝධාත්මක එකඟතාවකින් ඉවත් වූ බවයි. ඇමරිකානු ජනාධිපතිවරණ ජයග්‍රහණයේ නියමුවා ලෙස කටයුතු කරනු ලැබුවේ ස්ටීව් බෙනන්.
'ඇමරිකා ෆස්ට්' හෙවත් ඇමරිකාවට ප්‍රමුඛත්වය යන තේමා පාඨය ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත්තේ ද බෙනන්. මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවලින් සංක්‍රමණිකයන් පැමිණීම වැළැක්වීමේ පියවර ක්‍රියාත්මක කිරීමට ද ඔහු මුලිකත්වය ලබා දෙනු ලැබුවා. තනතුරෙන් ඉවත් කෙරුණ ද ස්ටීව් බෙනන් පවසා ඇත්තේ තමා තවදුරටත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට පක්ෂපාතී පුද්ගලයෙකු බවයි.
ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස සිටි Anthony Scaramucci පසුගිය ජූලී 21 පත්වීම ලැබූවද, ඔහු දින කිහිපයකින් තනතුරෙන් ඉවත්කෙරුණා. මේ අතර ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස හිටපු නිරූපිකාවක වන 28 හැවිරිදි Hope Hicks පත් කිරීම පිළිබඳ තවදුරටත් ආන්දෝලාත්මක තත්වයක් ගොඩ නැගී තිබෙනවා.
ට්‍රම්ප්ගේ සමීප හිතවතියක වන හිටපු නිරුපිකාවක වන Hope Hicks දේශපාලනයට පසුබිමක් නොමැති වුවද එම ත්න්මතුරට පත් කළේ කිනම් සුදුසුකමක් යටතේදැයි කසුකුසුවක් පවතිනවා. 28 හැවිරිදි සුරූපී නව සන්නිවේදන අධ්‍යක්ෂ Hope Hicks සම්බන්ධ රහස ළඟදීම හෙළිවෙනු ඇති බවටයි පැවසෙන්නේ.
Saturday, August 19, 2017
සුරූපිනිය ආ ගමන් 'ජනපති ජයග්‍රහණයේ නියමුවාත් ' ඉවත් කරයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment