රාජ්‍ය ආයතන අධ්‍යක්‍ෂ මණ්‌ඩලවලින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 1, 2016

රාජ්‍ය ආයතන අධ්‍යක්‍ෂ මණ්‌ඩලවලින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත් වෙයි

රාජ්‍ය ආයතන අධ්‍යක්‍ෂ මණ්‌ඩලවලින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉවත් වෙයි
මින් ඉදිරියට රජයේ සංස්‌ථා හා ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලවල අධ්‍යක්‌ෂ මණ්‌ඩලවල, ටෙන්ඩර් කමිටුවල හා තාක්‌ෂණ ඇගයීම් කමිටුවල සාමාජිකයන් ලෙස තමන් පෙනී නොසිටින බව ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක්‌ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.

අදාළ සංස්‌ථා හා ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලවල අධ්‍යක්‌ෂ මණ්‌ඩල සාමාජිකයන් ලෙසත්, රජයේ මිලදී ගැනීම් සඳහා තාක්‌ෂණ ඇගයීම් කමිටු සාමාජිකයන් ලෙස හා රජයේ ටෙන්ඩර් මණ්‌ඩල සාමාජිකයන් ලෙස කටයුතු කිරීම නිසා පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය ඇතුළු ආයතනවල නිරන්තර ප්‍රශ්න කිරීම්වලට ලක්‌ව සිටින බවත් මේ හේතුව නිසා අත්අඩංගුවට ගැනීමේ අවදානමකට ලක්‌ව සිටින බවත් මේ පිරිස පෙන්වා දී තිබේ.

සංචාරක මණ්‌ඩලයේ සභාපතිවරයා, ඉහළ නිලධාරීන් පිරිසක්‌ හා අධ්‍යක්‍ෂ මණ්‌ඩල සාමාජිකයන් සියල්ල අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට දැනුම් දීමෙන් පසු හදිසියේ රැස්‌වූ ඉහළ රජයේ නිලධාරීන් මෙම තීරණය ගෙන තිබේ. සංචාරක මණ්‌ඩලය සම්බන්ධයෙන් නැඟෙන චෝදනාවලට අදාළ කරුණු අධ්‍යක්‌ෂ මණ්‌ඩල තීරණ මත ඒවා ක්‍රියාත්මක කර ඇති නිසා මුළු අධ්‍යක්‌ෂ මණ්‌ඩලයම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව දන්වා තිබිණි.


පසුගිය රජය යටතේ සංචාරක මණ්‌ඩලයේ අධ්‍යක්‌ෂවරුන් ලෙස තවමත් රාජ්‍ය සේවයේ සිටින ඉහළම නිලධාරීන්, රටේ ප්‍රධානතම හෝටල් හිමියන් ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක්‌ කටයුතු කළහ.
නීතිපති දෙපාර්තමේන්තුවේ තීරණයත් සමඟ දැඩි ප්‍රශ්නකාරී උණුසුම් තත්ත්වයක්‌ උද්ගතවූ අතර අවසානයේ එම ප්‍රශ්නය විසඳීමට ජනාධිපති කාර්යාලය හා අගමැති කාර්යාලය ද මැදිහත් වූ අතර විදේශගතව සිටි ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු මේ සම්බන්ධව තීරණ නොගැනීමට පසුව තීරණය වී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad