කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නෑ.. හැකි නම් නෙරපනු..- විජේදාස යලි ප‍්‍රසිද්ධියේ කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

කිසිසේත්ම ඉල්ලා අස්වෙන්නේ නෑ.. හැකි නම් නෙරපනු..- විජේදාස යලි ප‍්‍රසිද්ධියේ කියයි..

තමන් ඇමති ධුරයෙන් කිසිසේත්ම ඉල්ලා අස්වන්නේ නැති බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ දිනයේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදීය.

ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ මැති ඇමතිවරුන් මෙන්ම හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් හා වත්මන් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මැදයි. කෙසේ වෙතත් ආණ්ඩුව තමන් සම්බන්ධයෙන් කැමැති තීන්දුවක් ගන්නා තෙක් බලා සිටින්නේ යයිද ඔහු එහිදී සදහන් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad