ආණ්ඩුවේ උපයාමාර්ගය රාජ්‍ය ආයතනයකන් සහ දේපළ පාඩු කියා විකිණීමයි. ඒ හරහා රුපියල් කෝටි ගනන් මුදල් තම සාක්කුවලට දමා ගැනිම හරහා එවා ගොඩනැගු පාර්ශවයන්ට මඩ ගහන ගමන් අතයට විශාල කොමිස් මුදලක් තම සාක්කුවට හෝ තමා නියෝජනය කරන පක්ෂ අරමුදලට ලබා ගැනීම මේ දිනවල ජයටම කෙරීගෙන යයි.
මේ වනවිට හෙලිවෙන කරුණු අනුව මහ බැංකුවේ බැදුම්කර වංචාව හරහා රටේ සංවර්ධනයට කිසිම දායකත්වයක් නොදි ණය ගෙවීමට යයි පවසා මහා බැංකුවේ අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් හරහා තම බෑනාගේ සමගම විසින් මේ රටේ ආර්ථිකයට කල හානිය යහපාලන හිටපු මුදල් රාජ්‍ය ඇමති ලක්ෂමන් යාපා අබේවර්ධනගේ ඇස්තමේන්තුව අනුව රුපියල් ට්‍රිලියනයකි. එනම් හම්බන්තොට වරාය විකුණා ගන්න මුදල මෙන් 9 ගුණයකි. මේ වනවිට එම මුදල් කාගේ අතට ගියාද යන්න වැදගත් කරුණු බැදුම්කර කොමිසම හමුවේ හෙලි වෙමින් පවති.
ඒත් මුදල් අමාත්‍ය රවි කරුණානයක ඉල්ලා අස්වූයේ ඒ වුන බැදුම්කර මගඩියේ මුදල්වලින් තම පවුලට නිවසක් ලැබුන නිසා නොව අර්ජුන් ඇලෝසියස් පවුලට අයත් මැන්ඩිස් අරක්කු සමාගමට බදු සහන අලුත් අරක්කු ෆැක්ටරියක් ඉදිකිරීමට ලබා දීමෙන් බව ආරංචි මාර්ග සඳහන් කරයි.පසුගිය ආණ්ඩුවන ශ්‍රිලංකා ගුවන් සේවය සඳහා 1994 දි මිලදිගත් ගුවන් යානා කාණ්ඩය සඳහා අලුත් එයාර් බස් 9 ක් මිලදි ගැනීමට 2012වසරේ දි තීරණය කොට තිබිණි. ඒ අනුව 2020 වසරේ දි අවසාන එයාර් බස් එක ලෑබිමෙන් පසුව එම ගිවිසුම සම්පූර්ණ වේ, එහි පලමු ගුවන් යාන 2 ක් 2016 දි සිට ලැබීමට නියමිතව තිබුණ අතර මේ ආණ්ඩුව පැමිණ විගස ඒ ගිවිසුම අහෝසි කිරීමට තීරණය කලහ.
ඒ වනවිටත් පසුගිය රජය විසින් ගෙවා තිබු වාරික වන ඇ.ඩොලර් මිලියන 58 ක මුදල පමණක් නොව වන්දියක් ලෙසත් තවත් ඩොලර් මිලියන 98 ක් එනම් රුපියල් මිලියන 15000 ක් එනම් බිලියන 15 ගිවිසුම අවලංගු කිරීම නිසා ආණ්ඩුවට ගෙවීමට සිදු වී ඇත. ලංකාදීප පුවත්තේ මුල පිටුවේ වාර්තා කර ඇති අනදමට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නොමැතිව මෙසා විශාල මුදලක් රජයේ බැංකුවලින් ලබා ගෙන ශ්‍රි ලන්කන් පාලන අධිකාරිය ගෙවා ඇති බවත් ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය එජාප මහ ලේකම් අමාත්‍ය කබීර් හසීම් ඉල්ලූ අවස්ථාවේදී එයට ශ්‍රිලනිප අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත මහතා දැඩිව විරුද්ධ වූ නිසා අවශ්‍ය අනුමැතිය කරුණු හරි හැටි හැදාරීමකින් තොරව ලබාදීමට නොහැකි බවට අමාත්‍ය මණ්ඩලය තීරණය කල බව ප්‍රකාශ වි ඇත.
මෙහිදී වැදගත්ම කරුණුවනුයේ පසුගිය ආණ්ඩුවට චෝදනා කරමින් එම ගිවිසුම අවලංගු කරන විට මෙසා විශාල මුදලක් වන්දි වශයෙන් නිසි අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් තොරව ලබාදීම පිටුපස විශාල කොමිස් මුදලක් ශ්‍රීලංකාවේ නියෝජිතයකු අතට පත්වී ඇති බවයි. ඒ මුදල් රුපියල් මිලියන 3000 ක් ඉක්මවයි. එනම් ඇ.ඩොලර් මිලියන 20 කි. තවත් ආරංචි මාර්ගයක් සඳහන් කරන අන්දමට මෙසා විශාල මුදලක් පූන්‍යා කටයුතුවලට අදාළ වන්දි ලබාගත් සමාගම මෙරටේ ප්‍රධාන පක්ෂයක ඉදිරි මැතිවරණය සඳහා වූ අරමුදලකට බැර කර ඇති බවයි.
Saturday, August 19, 2017
Home
අනාවරණ
බැදුම්කර මගඩියේ පාඩුව හම්බන්තොට වරාය මෙන් 09 ගුණයයි.. හදනවාට වඩා විකිණීම වාසියි.. ශ්‍රිලන්කන් ගනුදෙනුවෙන් මිලියන 3000ක් ගසා කලා..
බැදුම්කර මගඩියේ පාඩුව හම්බන්තොට වරාය මෙන් 09 ගුණයයි.. හදනවාට වඩා විකිණීම වාසියි.. ශ්‍රිලන්කන් ගනුදෙනුවෙන් මිලියන 3000ක් ගසා කලා..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment