ආචාර්ය විජයදාසගෙන් අධිකරණ ඇමැති ධුරය පමණක් ගලවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

ආචාර්ය විජයදාසගෙන් අධිකරණ ඇමැති ධුරය පමණක් ගලවයි..

ආචාර්ය විජයදාස රාජපක්ෂව අධිකරණ ඇමැති ධුරයෙන් පමණක් ඉවත් කිරීමේ තීරණයක් පක්ෂය විසින් ගනු ඇති බවට එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය නොරැකීම හා අධිකරණ විෂය පථයේ පවතින දුර්වලතා හේතු කොටගෙන මෙලෙස ඔහුගේ අධිකරණ ඇමැති ධුරය ඉවත් කෙරෙනු ඇත.

විජයදාස  රාජපක්ෂට බුද්ධ ශාසන ඇමැති ධුරය පමණක් ඒ අනුව හිමි වනු ඇති බව පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කීවේය. විජයදාස රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත්ව සම්මත වූ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කොට වාර්තා කිරීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත් කෙරුණි.ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම (එජාප සභාපති), මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර හා කම්කරු රාජ්‍ය ඇමැති රවින්ද්‍ර සමරවීර යන අයගේ වාර්තාව සඳුදා පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත බාරදීමට නියමිතය.


ඒ අනුව ඇමැතිවරයාට එරෙහිව චෝදනා පත්‍ර භාරදීමට නියමිත බවත් ඉන් පසුව ඔහුගේ අධිකරණ ඇමැති ධුරය ඉවත් වනු ඇති බවත් පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. චෝදනා පත්‍ර බාරදීමෙන් පසු විජයදාස රාජපක්ෂ සිය ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගැනීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad