නාමල් අත්අඩංගුවට ගන්න පුලුවන් – මහේස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

නාමල් අත්අඩංගුවට ගන්න පුලුවන් – මහේස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්!

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකුට බැණ වැදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලතල ඇති බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (18) අවධාරණය කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා. එම ඉල්ලීම සලකා බැලූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මේ බව සඳහන් කර ඇත්තේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ට බැණ වැදුණු ආකාරය පිළිබඳව ද අදාළ උප පොලිස් පරීක්ෂකවරයා පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිස් සමාගමේ රුපියල් මිලියන 70ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙනවා. මන්ත‍්‍රීවරයා මෙලෙස බැණ වැදී ඇත්තේ එම විමර්ශන සිදු කරන උප පොලිස් පරීක්ෂකවරයාටයි. සාක්ෂිකරුවන් සහ වින්දිතයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බරපතල වරදක් සිදු කර ඇති බවටයි පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.

No comments:

Post a Comment

Post Bottom Ad