බැසිල් පස්සට - ශිරන්ති ඉදිරියට. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, August 19, 2017

බැසිල් පස්සට - ශිරන්ති ඉදිරියට.

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ රට වටා යාමට සකස් කළ සැලසුම් සියල්ලට අභියෝග කරමින් එම පෙරමුණ සමඟ රට වටා යාමට ශිරන්ති රාජපක්ෂ සැලසුම් කරමින් සිටී. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත මෙසේ ශිරන්ති රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයට පැමිණීමට නියමිත ය.

පසුගිය සතියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂට තිබූ ජනතා ප්‍රතිචාරය නිසාත්, මාධ්‍ය මගින් ඊට පුළුල් ප්‍රචාරයක් ලබාදීම නිසාත් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා බරපතල අවුල් සහගත තත්ත්වයකට පත්ව තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය යටතේ ශිරන්ති රාජපක්ෂ ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන්නේ නම්, ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ පිරිසක් ඒ සමග එකතු වනු ඇති බව බැසිල් රාජපක්ෂගේ අදහසයි.

ශිරන්ති රාජපක්ෂගේ මේ සැලසුමත් සමඟ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා තම සමීපතමයන් පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එහි දී පොදුජන පෙරමුණේ අනාගතය සම්බන්ධයෙන් පුළුල් අවධානය යොමු කර ඇතැයි ද වාර්තා වේ.

-පරාක්‍රම දිසානායක

No comments:

Post a Comment

Post Bottom Ad