අධිකරණ නියෝග කඩකරමින් විරෝධතාවයේ නිරතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුලූ සරසවි සිසුන් අටදෙනා අද(19) ඇප මත මුදා හැරුණා.
ඒ සැකකරුවන් අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී නියෝග කෙරුණේ රුපියල් ලක්ෂයක් බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහරින ලෙසයි. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පසුගිය බදාදා කොළඹ පැවති විරෝධතාවයෙන් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගැනුනා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර සැකකරුවන්ට නියෝග කළේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරීක්ෂණවලට බලපෑම් නොකරන ලෙසයි. නඩුව යළි ලබන ජූලි 21 වනදා විභාගයට ගැනීමට නියමිතයි.
Friday, May 19, 2017
අත්අඩංගුව ගත් සරසවි සිසුන්ට ඇප - PHOTOS
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment