ඉංගිරිය පොලීසිය දඩ කෑ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 19, 2017

ඉංගිරිය පොලීසිය දඩ කෑ හැටි

ඉංගිරිය පොලීසියට එරෙහිව ජාතික ජලසම්පාදන මණ්ඩලය දඩ නියම කර ඇති බවට වාර්තා  වුනා. ඒ නීතිවිරෝධී අන්දමින් ජලය ලබාගෙන ඇති බව අනාවරණ වීමෙන්. ජාතික ජලසම්පාදන මණ්ඩලයේ වැටලීම් අංශය මගින් අදාළ ස්ථානය පසු ගියදා පරීක්ෂාවට ලක් කර  තිබුනා. එහිදී  අනාවරණ වී ඇත්තේ නීතිවිරෝධී අන්දමින් ජලය ලබාගෙන ඇති බවක්.

ජල මාපකයට ඉදිරියෙන් අමතර නළයක් සවිකොට  ජලය ලබාගෙන ඇති බවට  එහිදී හෙළි වූ බව ජාතික ජලසම්පාදන මණ්ඩලයේ වැටලීම් අංශය  පවසනවා. ඉංගිරිය පොලීසිය  නීතිවිරෝධී අන්දමින්  ජලය ලබාගෙන ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයට රුපියල් ලක්ෂ එකහමාරක පමණ අලාභයක් සිදු කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර, ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකු ද වසර ගණනාවක් සිය මහජන කාර්යාලයට නීතිවිරෝධි ලෙස ජලය ලබාගෙන තිබූ බව මීට පෙර අනාවරණ වුනා.

No comments:

Post a Comment

Post Bottom Ad