රණවිරු සැමරුම දිනයේදී කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි -හමුදාවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක්  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 19, 2017

රණවිරු සැමරුම දිනයේදී කිලිනොච්චියේදී පොලිස් රියකට වෙඩි -හමුදාවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් 

කිලිනොච්චිය, අරසකේනි කච්චාරු ප්‍රදේශයේදී පොලිස් මෝටර් රථයට වෙඩි තැබූ පුද්ගලයින් සොයා අද(19) අළුයම සිට යුද හමුදාවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇත.

කෙසේවෙතත් මේ දක්වා වෙඩි තැබූ පුද්ගලයින් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති අතර වෙඩි තැබූ ගිනි අවිය ආවාරණ කොටස් කිහිපයක් හමු වී ඇති අතර එම උපකරන ඔස්සේ සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇති බවට පලෙයි පොලීසිය කියා සිටියේය.

යුද හමුදාවේ විශේෂ බලකායත් පොලිස් විශේෂ කාර්ය බලකායත් ඒකාබද්ධව මෙම මෙහෙයුම් කටයුතු සිදු කොට ඇත. කිලිනොච්චි පලෙයි පොලිස් බල ප්‍රදේශයේ ඊයේ(18) මධ්‍යම රාත්‍රීයේ පොලිසිය ජංගම රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම අවස්ථාවේ දී පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල් වරුන් දෙදෙනෙකු රාජකාරි  කරමින් සිට ඇත. එම ස්ථානයයේ අද (19) අලුයම කළ සෝදිසි මෙහෙයුමකදී ටී56  ගිනි අවියක කොටස් හමුවී තිබේ.

වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad