ගිනි අවිය පත්තු වී කොස්තාපල් මරුට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 23, 2016

ගිනි අවිය පත්තු වී කොස්තාපල් මරුට 

ගිනි අවිය පත්තු වී කොස්තාපල් මරුට 
අද (23) දහවල් කන්තලේ පොලිස් ස්ථානය තුළදී පොලිස් කොස්තාපල්වරයෙකුගේ රාජකාරී ගිනි අවිය හදිසියේ ක්‍රියාත්මක වීමෙන් තවත් කොස්තාපල්වරයෙක් බරපතළ තුවාල ලබා මියගොස් තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අදාළ කොස්තාපල්වරයා කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගිය බවයි. අද දහවල් 1.45ට පමණ කන්තලේ පොලිස් ස්ථානය තුළදී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් සිය රාජකාරී ගිනිඅවිය පරීක්ෂා කරමින් සිටිය දී එය අත්වැරදීමකින් ක්‍රියාත්මක වී ඇති අතර ඒ අවස්ථාවේ අසළ සිටි කොස්තාපල්වරයාට වෙඩි වැදී ඇති බව පොලීසිය සදහන් කරයි.


මියගිය තැනැත්තා ගල්ඹය ප්‍රදේශයේ පදිංචි 47හැවිරිදි දෙදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වෙයි.

ත්‍රිකුණාමලය - ඒ. එම් ගීත්

No comments:

Post a Comment

Post Bottom Ad