දින කිහිපයක් පුරා වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් වරාය පිවිසුම් දොරටුව මත නැඟී උපවාසයේ නිරත වන වෘත්තීය සමිති නියෝජිතයින් 07 දෙනාගේ වැඩ තහනමට ලක්කර ඇති බව වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ චෝදනා කරයි.
අද (23) දිනයට මෙම උපවාසයට දින 07ක් සම්පූර්ණ වන අතර එම වෘත්තීය සමිති නියෝජිතයින් කියාසිටියේ තමන් අද දිනයේ දී උපවාසය නිමා කිරීමට තීරණය කර තිබූ බවයි.
කෙසේවෙතත් වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (22) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශකළේ සේවක උපවාසය හේතුවෙන් වරායේ වැඩ කටයුතුවලට බාධාවක් එල්ල වී නොමැති බවයි.
No comments:
Post a Comment