යහපාලනයේ ණය ගැනීම ගැන ඇමති ඉරාන් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 23, 2016

යහපාලනයේ ණය ගැනීම ගැන ඇමති ඉරාන් කියයි

යහපාලනයේ ණය ගැනීම ගැන ඇමති ඉරාන් කියයි
රටක ණය එකවර දෙගුණයක් විය නොහැකි බවත් එසේ වුවහොත් ඒවා වියදම්වූයේ කෙසේද යන්න පිළිබඳව ගැටළුවක් මතුවන බවත් යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව අනුමත නොකළ ණයක් ගෙන නොමැති බවත් සිදු වී ඇත්තේ ණය ගණනය කළ ක්‍රමවේදය වෙනස්වීම නිසා බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකළේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී 2015 වසරට අදාළව මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවෙන් විගණකාධිපතිගේ රපෝර්තුවෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයක් සම්බන්ධව ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, " ණය ගන්නා ක්‍රම දළ වශයෙන් තුනක් පවතින බවත්, එකක් භාණ්ඩාගාර බැඳුම්කර හරහා ගන්න ණය. දෙවෙනි එකට කියනවා වෙනත් ණය කියලා. තුන්වෙනි එක විදේශීය ණය. ඔය තුන එකතු කළාමයි දෙසැම්බර් මාසයේ අග වනවිට වන මුළු ණය ප්‍රමාණය ගණනය කරන්න පුළුවන් වෙන්නේ. 

ඒ ණය සසඳලා තමයි කියන්නේ අර කියන පාර්ලිමේන්තුවෙන් අනුමත කළ ණය ප්‍රමාණයේ ඉන්නවද එම සීමාවෙන් පිට ඉන්නවද කියලා. " යි පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ එකිනෙක වෙන් වෙන්ම ගත් විට 2015 වසරේ ගත් ණය ප්‍රමාණය සීමාව ඉක්මවා ගොස් නැති බවත් රජයක් ලෙස තමන් ඇතුළු පිරිස එයට වගකීමෙන් බැඳී සිටින බවත් සිදුවී ඇත්තේ එය ගණනය කරන ක්‍රමවේදයේ වෙනසක් පමණක් බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad