එංගලන්ත ශ්‍රී ලංකා දෙවන එක්දින තරගයට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බව එංගලන්තයෙන් ලැබෙන වාර්තා සඳහන් කරයි.
පසුගියදා (21) පැවති දෙරට අතර පළමු එක්දින තරගය අතර තුර මැතිව්ස්ගේ කළවා ප්‍රදේශයේ ඇතිවු අබාධ තත්වය මීට බලපා ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් මෙම අබාධ තත්වය සම්බන්ධයෙන් නායක මැතිව්ස් ඊයේ (22) දිනයේදී වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිට ඇත.
එම පරික්ෂණ වාර්තා අද (23) දිනයේ ලැබීමට නියමීත බවත් ඉන් අනතුරුව එම වාර්තා සලකා බලා මැතිව්ස් හෙට තරගයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනය සඳහන් කර සිටියි.
එසේම මෙම අබාධ තත්වය හේතුවන් පළමු තරගයේ එංගලන්ත ඉනිම අතරතුරදි නායක මැතිව්ස් ක්‍රීඩා පිටියෙන් ඉවත් වු අතර එ වන විට ඔහු පන්දුවාර 06ක් යවා කඩුලු 02 ක් ලබා ගැනීමට සමත්ව සිටියේය. ඔහු පිටියෙන් ඉවත් වු පසු තරගයේ අවසාන භාගයේ මෙහෙයවීම සිදුකීරීම දිනේෂ චන්දිමාල් වෙත පැවැරිණී.
Thursday, June 23, 2016
ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට දෙවන තරගය අහිමී වෙයි !
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment