ගෝඨාභය අත්අඩංගුවට ගැනීම පිළිබද ඉගියක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 23, 2016

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම පිළිබද ඉගියක්?

පසුගිය රජය සමයේ ආරම්භ කළ අකු‍රේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවය සැපයූ මුදිත ජයකොඩි ඇසෝසියේට් පෞද්ගලික සමාගමේ සේවය මින් ඉදිරියට ලබා නොගැනීමට රජය තීරණය කර තිබේ.

අමාත්‍ය මණ්ඩලයට නිවැරදි තොරතුරු ඉදිරිපත් නොකර මෙකී ව්‍යාපෘතිය සඳහා උපදේශක සමාගම් ‍තෝරා ගැනීම සහ එම සමාගම්වලට මුදල් ගෙවීම සිදුකර ඇති බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ සිවු පුද්ගල ‘විතානගේ කමිටුව’ අනාවරණය කර ගෙන තිබේ.


එම කමිටුවේ නිර්දේශය පරිදි මින් ඉදිරියට ඉහත කී පෞද්ගලික සමාගමේ උපදේශක සේවය ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ලබා නොගැනීමටත්, එම සමාගමට ගෙවා ඇති උපදේශක ගාස්තු ගෙවී‍ම් සමාලෝචනය කිරීමටත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.


නමුත් මේ පිළිබද මුදිත ජයකොඩි මහතා එකී සියලු කරුණු හෙළිදරව් කර ඇති බවත් ඒ හරහා මෙහි වගකීමෙන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්ට මිදීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මේ පිළිබද ඉගියක් ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේදී රාජිත සේනාරත්න මහතා විසින්ද හෙළිදරව් කළේය.


රාජිත සේනාරත්න…..


එදා තිබූ කැබිනට් මණ්ඩලයට ද අසත්‍ය තොරතුරු සපයමින් කළ මෙම මුල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සම්පූර්ණයෙන්ම වගකිවයුතු බවද ඇමැතිවරයා පැවැසීය.


එමෙන්න ඇමතිවරයා වැඩි පැවසුවේ දැන් ඒවා දැම්මම කියයි අත්දෙක පෙන්නලා මාංචු දාලා අපි රණවිරුවෝ අපිට ගහනවා කියල පවසයි යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad