රජය දෙමළ ජනතා ගැටළු විසදන්නේ නැතිනම් තම පක්‍ෂය රජයට මේ වන විට කොන්දේසි විරහිතව ලබා දෙන සහාය ඉදිරියේදී ලබා දීමට නොහැකි වනු ඇති බව දෙමළ සන්ධාන මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.
සුමන්තිරන් මහතා මේ බව පැවැසුවේ උතුරු නැගෙනහිර අවතැන් ජනතාවගේ ගැටලූ පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
‘මේ ආණ්ඩුව බලයට ගේන්න අපි, අපේ ජනතාව උදව් කළා. අයවැයට කොන්දේසි විරහිතව සහාය දුන්නා. නමුත් අපේ ජනතාවගේ ප‍්‍රශ්න හරියාකාරව විසදෙන බවක් පෙනේනේ නෑ. මේ නිසා ඉදිරියේදී ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහාය දෙන්න පුළුවන් වේවිද කියන සැකය අප තුළ තියෙනවා.
ජනතාවගේ පෞද්ගලික ඉඩම් සියල්ල දෙනවා කියල ඡුන්දයේදී පොරොන්දු වුණා. කදවුරුවල සිටින අය නිදහස් කරනවා කිව්වා. තවම ඒවා හරියාකාරව වෙලා නැහැ”
Thursday, June 23, 2016
Home
දේශපාලන පුවත්
මේ අපි ගෙනා අපේ ආණ්ඩුවයි.. කොන්දේසි විරහිතව සහාය දෙනවා.. අපිට දුන් පොරොන්දු දැන් ඉටු කරනු – විපක්‍ෂය
මේ අපි ගෙනා අපේ ආණ්ඩුවයි.. කොන්දේසි විරහිතව සහාය දෙනවා.. අපිට දුන් පොරොන්දු දැන් ඉටු කරනු – විපක්‍ෂය
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment