මං අංගම්පොර නෙමෙයි කුංග්-ෆු කරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 16, 2014

මං අංගම්පොර නෙමෙයි කුංග්-ෆු කරේ

-දයාසිරි

පසුගිය සතියේ හරින් ප්‍රනාන්දු සමග දෙරණ වාදපිටියේ ආන්දෝලනාත්මක ගැටුමින් පසු දෙරණ නාලිකාවේම 360 දේශපාලන සාකච්ඡාවට පෙරේදා දයාසිරි ජයසේකර මහඇමතිවරයා තනිව සහභාගී වුණා.

ඔහු පසුගිය සතියේ සිද්ධිය ගැන පශ්චාත්තාප වෙමින් කියා සිටියේ තමා හොඳ කුංග්ෆු සටන් කාමියෙකු බවයි.

ඔහු එහිදී කියා සිටි අදහස් කිහිපයක් පහතින්

'තමුසෙට මොනවද ඕනෙ කියල කිව්ව.ඒ කියන්නෙ කන්න බොන්න නෙමෙයිනෙ ඉල්ලන්නෙ. වෙන එකක්නෙ ඉල්ලන්නෙ. එතකොට තමයි මං නැගිට්ටෙ. 

ඒක මගෙ වැරැද්දක්. ඒකයි මං මගෙ අතින් වැරැද්දක් සිද්ධ වුණා කියල කියන්නෙ. ඒ සියල්ල ඉවසන් ඉන්න අමාරුයි. මමත් පෘථග්ජන මනුස්සයෙක්. මං කැමති නෑ වෙච්ච දේ දෙරණින් පෙන්නුවට මාධ්‍යයකින් එහෙම පෙන්විය යුතු නෑ.

එකපාරක් මං මැයි පෙළපාලියෙ යෂ්ටියක් කරකවපු එකක් මාධ්‍යයේ ගියා.එදා අංගම්පොර කණ්ඩායමක් එක්ක ඇවිත් මං වෙලාව තිබ්බ හින්ද බලන් හිටිය කට්ටියට පොඩි එකක් කළේ. කවුද හිතුවෙ ඒක මාධ්‍ය වල යාවි කියල. ඒ නිකමට කරපු හරඹ වැඩක් මං දිගටම ඒ විදියට මැයි

 පෙළපාලියෙ ගියෙත් නෑ. මං අංගම්පොර ශිල්පියෙක් නෙමෙයි මං කුංග්ෆු කරේ. මං අවුරුදු 15 ක් 16 ක් විතර කුංග්ෆු කරා.සිද්ධියෙන් පස්සෙ මගෙ අයියා පොඩ්ඩක් කථාකරල කෑගැහුවා.මගෙ දියණියගෙන් තව දරුවෙක් අහල තිබ්බ තාත්ත තව එක්කෙනෙක්ගෙ කන කපලද කියල. 

මට උත්තරයක් දීගන්න බැරිවුණා. මේකෙ තියන සීරියස් එක තමා බලන්න තියෙන්නෙ. අපි  මෙහෙම හැසිරුණාම මිනිස්සු අපි ගැන හිතන් ඉන්න විදිහ කඩා වැටෙනවා. මගෙ ෆේස් බුක් එකේ කාන්තාවක් දාල තිබ්බ මේවගේ සුන්දර මිනිහෙක් යකෙක් වුනේ කොහොමද කියල.

ජනාධිපතිතුමා උදේ පාන්දර කතා කළා. ඇයි ප්‍රශ්නයක් වුණාද කියල. නාමල් මන්ත්‍රීතුමාත් මට කතා කළා. ඒකෙදි නාමල් මන්ත්‍රීතුමා ගැන වචනයක් ස්ලිප් වුණානෙ. මං කිව්වෙ රෑට සම්බන්ධ වෙනවනේ කියල අනිත් පැත්තෙන් ඇහුව බොනවනෙ කියල. 

මං කිව්ව නාමල් මන්ත්‍රීතුමා බොන් නෑ. ඒක මං පැහැදිලිවම දන්නවා.සීයට දාස්වරක් ඒක කියන්න පුළුවන්. මං හිතන්නෙ ඒක මේ වෙලාවෙ කියපුහාම සමහර අපේ දිස්ත්‍රික්කයෙ මන්ත්‍රීවරුත් මේ ගැන වැරදියට හිතල තියනවා.

මං මේකෙ ලැජ්ජාව නිසා පසුවදා ජෝති ගී ප්‍රසංගයේ ගීත ගායනා කරන්න ගියෙත් නෑ.

No comments:

Post a Comment

Post Bottom Ad