ඇඹිලිපිටිය පුරවරයම මේ දිනවල කතා කරන්නේ දෙරණ රුපවාහිනියේ ‘‘සිහින කුමරා’’ ගැනය. ඇඹිලිපිටිය මොරකැටියේ, යාය හයේ ඞී හතරෙ ඇලේ පදිංචි විසි හතර වියේ පසුවූ එම්.ජී. ධනුෂ්ක ඒ සිහින කුමරාය.
ධනුෂ්ක මේ ‘‘සිහිණ කුමරා’’ හෙවත් ‘‘දෙරණ ඩ‍්‍රීම් ස්ටාර්’’ කිරුළ හිමි කරගන්නට පෙරත් ඇඹිලිපිටියේ ජනතාව ඔහුට ඇලූම් කළේය. කෙසේ හෝ සිහින කුමරා කිරුළ ඔහුට හිමිවනු දැකීම ඇඹිලිපිටියේ සහ රටපුරා බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව විය.
පසුගිය 05දා කොළඹ සුගිතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවති ‘‘දෙරණ ඩ‍්‍රීම් ස්ටාර්’’ අවසාන මහතා තර`ගය දිනයේ ඇඹිලිපිටියේ පමණක් නොව රටපුරාම සෑම නිවසකම පාහේ සුසර කර තිබුණේ දෙරණ නාලිකාවය.
ඇඹිලිපිටිය නගරයේ ඇතිවු ගින්නක් නිසා රාත‍්‍රී අටයි තිහට හදිසියේ විදුලිය විසන්ධිවු අවස්ථාවේ තම හිතවතාගේ දස්කම් දැක ගන්නට ලැබෝදෝයි සුසුම්හෙලූ පාරිභෝගිකයන්ගේ ඇම්තුම් වලින් විදුලිබල මණ්ඩලයේ දුරකතනයට ඉස්පාසුවක් නැතිවිය. එහෙත් පැයකට ආසන්න කාලයක් තුල යළි විදුලිය ලැබීමෙන් පසු ඇඹිලිපිටිය නගරයේ ධනුෂ්කගේ රසිකයෝ සැනසුම් සුසුම් හෙලූහ.
ධනුෂ්කගේ ජීවිතය රෝස මල් යහනාවක් නොවීය. දුක කදුල, වේදනාව, පීඩිතබව උරුම කරගත් ධනුෂ්ක සිය පියා වු එම්.ජී. දයානන්‍ද මහතාගේ සෙවන, ආරක්‍ෂාව යටතේ හැදුනේ නංගිලා දෙදෙනා සමගය. ධන්ෂ්කගේ දිවි ගමනේදී අගහිගකම් ඇතිවු අවස්ථා වල ඒවා දරාගෙන ජීවිනමග ගමන් කරන්නට ඔහුට පිටිවහලක් වූයේ පියාය. සෙවනැල්ලක් වූයේ ද පියායය.
ධනුෂ්කගේ මව ජාගොඩ ගමගේ චන්‍ද්‍රිකාය. ඇය පවුලේ අගහිගකම් නිසාම කිහිපවරක්ම විදේශ ගතවුයේ දහසින් බැදි පියළි සොයගෙනවිත් තමන්ටම කියා කැදැල්ලක් තනාගන්නටය. ඇය වසර දොළහකට පසුව සොයා ගෙන ආ මුදලින් මිලදීගත් නිවසක් සහිත අක්කර කාලඉඩම ඔවුන්ගේ ලෝකයයි.
ධනුෂ්කගේ නංගිලා දෙදෙනා විවාහ වී වෙන්ව සිටී. අතීතය අමතක කර අනාගතය ගොඩ නැගිය නොහැකියැයි ධනුෂ්කගේ පියා වු එම්.ජි දයානන්‍ද මහතා රියැලිටි ඉතිහාසයේ වැඩිම කෙටි පණිවිඩ ප‍්‍රමාණයකින් තම පුතා ‘‘සිහින කුමරා’’ කරන්නට අතහිත දුන් ඇඹිලිපිටිය
ප‍්‍රදේශයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ ලංකාවේ සහ පිටරට වෙසෙන සියලූ දෙනාටම පින් දෙන බව කීවේ කෘතවේදීත්වයේ කඳුලූ බිඳු දෙනෙත් තුලින් කඩා වැටෙද්දීය.
‘‘අපි ලොකු මිනිස්සු නෙවෙයි. ජීවත් වෙන්න පුතාත් මමත් කුලි වැඩ පවා කළා. පුතා රුපියල් දාහට, එක්දහස් පන්සියයට මගුල් ගෙවල්වල ගිහිං සින්දු කිවුවා. ඒ ගැන කියන්න පැකිලෙන්නේ නෑ. ඒක අපිට නම්බුවක්.’’
‘‘ පුතාට ඔය ජයග‍්‍රහණය ලැබුණේ හතරවෙනි සැරේ. පළමුවෙනි සැරේ 96 වෙනියා වෙලා විසි වුණා. දෙවෙනි සැරේ හැත්තෑ දෙවෙනියා වෙලා විසිවුණා. තුන් වෙනි සැරේ තිස් හය වැනියා වෙලා විසිවුණා.මේ සැරේ කිරුළ හිමිකර ගත්තා. ඉතිං පුතා වෙනුවෙන් එස්එම්එස් යවපු හැමෝටම අපි ණය ගැතියි. පුද්ගලිකව ඒ අයට ස්තුති කරන්න පුලූවන්නම් මම ඒකත් කරනවා.’’ ධනුෂ්කගේ පියා පැවසුවේය.
‘‘පුතා අවුරුදු තුනක් ‘‘දෙරණ ඩ‍්‍රීම් ස්ටාර්’’ එකට ගියාම එයාට අවශ්‍ය මුදල් හොයා ගන්න මම කොළඹ නැවතිලා කුලී කළා. ඒ කොළඹ ඕ.ටී කරලා වැඩි මුදලක් හොයාගන්න පුලූවන් නිසා. සතියට දෙවතාවක් එයාට කොළඹ යන්න තිබුණ අවස්ථා ඇතිවුණා.
මගේ පුතා සංගීතය හදාරපු කෙනෙක් නෙවෙයි. එයා ඇඹිලිපිටිය මොරකැටිය මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ජීවත්වෙන් නොගත් උත්සාහයක් නෑ. ධනුෂ්ක පුතාත් කුලී වැඩ කළා. මේවා කියන්න ලැජ්ජා වෙන්න ඕනැ නෑ.’’
‘‘ විශේෂයෙන් ඇඹිලිපිටිය සහ අවටත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයන් ඇතුලූ විශාල පිරිසක් පුතාට උදව් කළා. ඒය නොහිටියානම් පුතාට මේ ජයග‍්‍රහණය ලැබෙන්නෙ නෑ. ඒක විශ්වාසයි.’’
‘‘ මම පුතාට මේ ජයග‍්‍රහණය අවසානයේ දුන්න අවවාදය තමයි පුතේ මුල අමතක කරන්න එපා කියන එක. හැමෝගෙම ආදාරය කරුණාව පුතාට ලැබුනා. ඒකෙන් සිහින කුමරා කිරුළ හිමි වුණා. ජිවිතය කියන්නේ වාහනයවත්, කිරුළවත් සල්ලිවත් නෙවෙයි.
නිහතමානී කමයි මනුස්සකමයි. මොනවා නැතත් මිනිහෙකුට ජිවත් වෙන්න නිහතමානිකමයි මනුස්සකමයි තියනවානම් පුලූවන්. මගේ පුතාගේ ජයග‍්‍රහණය කියා පෑවේ ඒ පණිවිඩය. ඒක අමතක කරන්න එපා කියලා මම පුතාට අවවවාද කළා.’’
‘‘දැන් ඉතින් මට කොළඹ කුලි කරන්න ඕනෑ නෑ. මම මේ පැත්තේ කුලියක් කරගෙන ජිවත් වෙන්නයි අදහස.’’ ධනුෂ්කගේ පියා නිහතමානීව තම පුතාගේ ජයග‍්‍රහණය ගැන සතුටු කදුළු වගුරුවමින් කීවේය.
Wednesday, July 16, 2014

ඩ්රීම් ස්ටාර් ධනුෂ්කගේ දුප්පත් පියා සමග කතාබහ
Tags
# featured
# ඕපාදුප
Share This

About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment