ස්වර්ණවාහිනිය ඇතුලු EAP මාධ්‍යජාලයම හොර පාරෙන් – වෙන නමකින් අර්ජුන් ඇලෝසියස් මිලදී ගනී? (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

ස්වර්ණවාහිනිය ඇතුලු EAP මාධ්‍යජාලයම හොර පාරෙන් – වෙන නමකින් අර්ජුන් ඇලෝසියස් මිලදී ගනී? (Exclusive)

EAP මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා වන කූප්‍රකට බැදුම්කර වංචාවේ ප්‍රධාන චූදිතයා වන අර්ජුන ඇලෝසියස්ට අයත් සමාගමක් විසින් මිලදී ගැනීමේ සූදානමක් වතින බවට අතීශව විශ්වාසදායී ආරංචි මාර්ග තහවුරු කර තිබේ. ස්වර්ණවාහිනී නාලිකාවට අමතරව EAP මාධ්‍ය ජාලයට අයත් සියලූම ජනමාධ්‍ය ආයතන එකවර මිලදී ගැනීමට සාකච්ජා සිදුකෙරෙමින් තිබේ.

EAP මාධ්‍ය ජාලයේ හිටපු සභාපතිනී ආචාර්‍ය සෝමා එදිරිසිංහ මහත්මියගේ මරණයෙන් පසුව එම ආයතන දැඩි ලෙස කඩාවැටීමකට පත්ව ඇති අතර අසාර්ථක කළමනාකරණය නිසා නාලිකාව බංකොලොත්භාවයට පත්වෙමින් තිබේ. අර්ජුන් ඇලෝසියස් ස්වර්ණවාහිනිය මිලදී ගන්නා බවට මින් පෙරද මාධ්‍ය වාර්තා පළවූ අතර එය සම්බන්ධයෙන් දැඩි මහජන අවධානයක් යොමුවීම නිසා ගණුදෙනුව තාවකාලිකව නතර කර තිබේ. මෙවර අර්ජුනගේ නම සඟවා වෙනත් පුද්ගලයෙකුගේ නමට මෙම ගණුදෙනුව සිදු කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ගණුදෙනුවේ තැරැව්කරු ලෙස කටයුතු කරනුයේ මහින්ද හාඩස් නම් පුද්ගලයා වන අතර ඇලෙක්ස් ලොයෙල් නම් පුද්ගලයෙකුගේ නමට මෙම මාධ්‍ය ආයතන මිලදී ගැනීමට කටයුතු සැලසුම්කර තිබේ. පසුගිය සමය පුරාම විවිධ ආයතන රැසක් මිලදී ගැනීමට අර්ජුන ඇලෝසියස්ට අයත් සමාගම් කටයුතු කල අතර ඒ සඳහා ආයෝජනය කර ඇති සියලු මුදල් බැදුම්කර වංචාවෙන් උපයන ලද මුදල්ය.


harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad