
මිස්ටර් බීන් චරිතය නිසා ලෝකයේම අවධානය දිනාගත් බ්‍රිතාන්‍ය ජාතික නළු රොවන් ඇට්කින්ස්ටන්ගේ දික්කසාදය පිළිබද වසර කිහිපයක් තිස්සේ පැවති ගැටලුකාරී තත්වයන් පසුගිය සතියේ අවසන් වූයේ
බිලියනපති නළුවාගෙන් පවුම් මිලියන 10 ක මහා මන්දිරයක් ඇතුළු වන්දි ලබමින් ඔහුගේ බිරිය හා දරු දෙදෙනා පිටව යාමෙනි.
අවසානයේ ඔහු වසර 24 ක් වූ
රොවන් ඇට්කින්ස්ටන් විවාහවී සිටියේ සුනේත්‍රා සාස්ත්‍රි නමැති බීබීසී රුපවාහිනී නාලිකාවේ මේකප් ශිල්පිණියක සමගිනි.
1990 පෙම් සබදතාවයකින් ඔවුන් විවාහ වූ අතර දරුවන් දෙදෙනෙකු ඔවුනට ලැබිණි.
පසුගිය කාලයේ ඔහු අලුත් සබදතාවයක් අරඹා මුල් විවාහයෙන් ඈත් වන්නට උත්සාහ කළේය. ලුයිස් ෆෝර්ඩ් නමැති 34 හැවිරිදි නිළිය සමග ඔහු පැවැත්වූ සම්බන්ධය දරුවෙකු ලැබීම දක්වා දුරදිග යන ලකුණු පහළ කළෙන් ඔහු මුල් විවාහයෙන් ඉවත්වීමට මින් කලකට පෙර තීරණය කළේය. නමුත් පවුම් මිලියන 100 ක වත්කම් ඇති නළුවෙකු වූ ඇට්කින්ස්ටන්ට ලෙහෙසියෙන් එය කළ නොහැකිවූයේ මුල් කසාදයෙන් විශාල වන්දි ඉල්ලා නඩු පැවරූ නිසාය.
වත්කම් පිළිබද දීර්ඝ නඩු වාර වලින් පසු පසුගිය සතියේ හිටපු බිරියට එංගලන්තයේ කොස්ට්වොල්ඩ්ස්හි ඇට්කින්ස්ටන්ට අයත් පවුම් මිලියන 10 ක මහා මන්දිරය පිරිනමා එම වීවාහයෙන් ඉවත්වීමට එකගතාව ඇති කරගත හැකි විය.



No comments:
Post a Comment