විද්‍යා ඝාතකයින්ට උදව් කළැයි විජයකලාගෙ නම ගෑවිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

විද්‍යා ඝාතකයින්ට උදව් කළැයි විජයකලාගෙ නම ගෑවිලා


යාපනයේදී සමූහ දූෂණයකට ලක් ව ඝාතනය කළ සිවලෝගනාදන් විද්‍යා දැරියගේ මරණය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජය කලා මහේෂ්වරම් ගේ ද ප‍්‍රකාශයක් සටහන් කර ගන්නැයි කයිට්ස් මසේත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇතැයි වාර්තාවේ. ඝාතනයේ මහමොළකරු ස්විස් කුමාර් නොහොත් මහාලංගම් නැමැත්තාට පළායාම සඳහා රාජ්‍ය ඇමතිනී විජය කලා ශෂී කුමාර්ද සහය දක්වා තිබීම මෙයට හේතුවයි.

ඒ මෙම අපරාධය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලීස්පති ලලිත් ජයසිංහගේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීමක් අනුව විජයකලා ඇමතිනියගේ නම හෙළිව ඇත. සැකකරු සිවිල් විසියන් විසින් කොටුකරගෙන විදුලි කනුවක බැඳ සිටිය දී රාජ්‍ය අමාත්‍යවරිය ඔහු පොලීසියට භාර නොදී මුදා හැරීමට කටයුතු කළ බවට මින් ඉහතදීත් කරුණු වාර්තාවී තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad