දෙමළ ජාතික සන්ධානයත් සටනට සැරසෙයි! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 15, 2019

දෙමළ ජාතික සන්ධානයත් සටනට සැරසෙයි!

ඉදිරි මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත්වලින් වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පත්කරගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව තිබේ.



මේ වන විට දෙමළ ජනතාවගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයක පවතින හෙයින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීමට නම් පාර්ලිමේන්තුවට වැඩි මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තෝරාගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් මහතා පෙන්වා දී ඇත.

සම්බන්ධන් මහතා මේ බව සඳහන් කර ඇත්තේ උතුරු පළාතේ ප්‍රාදේශීය දේශපාලකයින් පිරිසක් සම්බන්ධන් මහතා හමු වූ අවස්ථාවේදීය.

දීර්ඝ කාලීන ගැටළුවක් බවට පත්ව තිබෙන උතුරු නැගෙනහිර ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කාරණා යොදා ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රථම නිල සංචාරය වූ ඉන්දීය සංචාරයේදී පවසා තිබුණද ආණ්ඩුව තවදුරටත් ඊට අවධානය යොමු කර නොමැති බවට සම්බන්ධන් මහතා පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට දෙමළ ජාතික සන්ධානය අවස්ථාවක් ඉල්ලා සිටියද මේ වන තෙක් ඔවුන්ට අවස්ථාවක් ලැබී නැත.

කෙසේවෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය නායකයන් සමඟ සාකච්ජා  කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් වන බවද සම්බන්ධන් මහතා සිය නියෝජිතයින්ට පවසා තිබේ.

දෙමළ ජනතාවද රටේ ජනතාවගෙන් කොටසක් වන හෙයින් ඔවුන් නොසලකා හැරීමට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයට ඉඩ දිය යුතු නැති බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ සාතිශය බහුතරයකගේ විශ්වාසය දිනා ගැනීමට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමත් වුවද ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි විය.

No comments:

Post a Comment

Post Bottom Ad