එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කිර ගැනීම වෙනුවෙන් වූ එජාප කණ්ඩායමකගේ මෙහෙයුමට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ දායකත්වය ද දැන් ලැබෙමින් පවතින බව වාර්තා වෙයි.
එය අභ්‍යන්තර මෙහෙයුමක් බව සඳහන්.
ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේදී ඔහු සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ප්‍රධාන හේතුවක් වී තිබුණේ තමන්ගේ ඉල්ලීම පරිදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කළහොත් ජාතික ආරක්ෂාවේ වගකීම ෆොන්සේකා මහතා වෙත ලබා දෙන බවට ප්‍රසිද්ධ වේදිකාවේ දුන් පොරොන්දුවයි.
කෙසේවෙතත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බිම් මට්ටමේ කටයුතු කරන ආකාරයද පෙනෙන්නට තිබුණි.
එහෙත් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජයෙන් පසු එම පරාජයේ වගකීම හිටපු අගමැති හා පක්ෂ නායකයා ලෙස වික්‍රමසිංහ මහතා මත බැර වූ අතර නැවත වටයකින් එජාපයෙන් වික්‍රමසිංහ නෙරපීමේ මෙහෙයුම ආරම්භ විය.
මෙම අර්බුදය හමුවේ වාර්තා වූ අන්දමට සරත් ෆොන්සේකා වැනි කිහිප දෙනෙකු නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට තීරණය කර තිබුණද දැන් එය යම් කිසි අකාරයකින් වෙනස් වී ඇති බව සඳහන්.
ඒ අනුව මෙම නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා සරත් ෆොන්සේකා මහතා පසුගිය 12 වැනිදා රංජිත් මද්දුම බණ්ඩාර සහ රිෂාඩ් බදියුදීන් යන මන්ත්‍රීවරු මුණ ගැසී ඇති බව වාර්තා විය.
පෙරවරුවේ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා හමු වී සාකච්ජා කර ඇති අතර පස්වරු 07ට පමණ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මුණ ගැසී ඇත.
එහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට මැදිහත් වන ලෙස ෆොන්සේකා මහතා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වුණේ.
මේ වන විට පක්ෂය තුළ හා රට තුළ රනිල් වික්‍රමසිංහ මහතාට වඩා සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන් සිටින හෙයින් ඔහුව ඉදිරියටම ගෙන ඒම වෙනුවෙන් මැදිහත් විය යුතු බවට දෙදෙනා සකාච්ජා කර ඇති බව කියැවුණි.
සරත් ෆොන්සේකා මහතාගේ ඉල්ලීමට බදියුදීන් මන්ත්‍රීවරයා එකඟ වී ඇති බවද වාර්තා විය.
මේ අනුව සරත් ෆොන්සේකා සජිත් පාර්ශවයේ බොහෝ දෙනෙකු මෙන් ප්‍රසිද්ධියේ එම මෙහෙයුමට දායක නොවී පක්ෂ අභයන්තරෙන් යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අරඹා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේය.
-lankanewsweb
Sunday, December 15, 2019
සජිත් නායකත්වයට ගේන්න සරත් ෆොන්සේකාත් අභ්‍යන්තර මෙහෙයුමක?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment