අත්තනගල්ල ගොරගොල්ල වලව්ව භූමිය සුද්ද පවිත්‍ර කරමින් සිටි පිරිසකට එහි තාප්පයක් අයිනේ මල්වැටක් අසල තිබී අත් බෝම්බයක් ඊයේ (30) උදෑසන හමු වූ බව පොලීසිය පවසයි.
පෞද්ගලික සේවක පිරිසක් හොරගොල්ල වලව්වේ ඩෙංගු මැඩලීමේ ශ්‍රමදානයක යෙදී සිටියදී එහි පැරණි පුස්තකාලය ආසන්නයේ රේක්කයකින් කුණු අදිමින් සිටියදී පොලිතින් කවරයක රඳවා තිබූ මෙම බෝම්බය හමු වීමෙන් පසු ආරක්ෂක අංශ වෙත දැනුම් දී ඇත.
2010 වසරේ නිපදවා ඇති බව කියන එහි ආරක්ෂක අගුල මලකඩ කා ඇති බව පොලීසිය පවසයි.මෙම බෝම්බය කවුරුන් විසින් කුමන හේතුවක් මත රඳවා ඇත්දැයි තවම අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව නිට්ටඹුව පොලීසිය පවසයි.

No comments:
Post a Comment