වන්නි ආරක්ෂා සේනා ආඥාපති වැඩබාර ගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

වන්නි ආරක්ෂා සේනා ආඥාපති වැඩබාර ගනියි

වන්නි ආරක්ෂා සේනා ආඥාපති වැඩබාර ගනියි
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ නව ආරක්ෂක සේනා ආඥාපති වශයෙන් ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී සුභ මොහොතින් වැඩ භාරගන්නා ලදි.

නව ආඥාපති තුමන් වැඩ භාරගන්නා අවස්ථාවට වන්නි ආරක්ෂ සේනා මූලස්ථානයට අයත් සේනාංකයන්හි හා සේනංකාධිපති වරුන් හා බලසේනාධිපතිවරුන් පැමිණ සිටියහ. මේ අනුව මෙතෙක් වන්නි අරක්ෂක සේනා ආඥාපති වශයෙන් සිටි මේජර් ජෙනරල් රුවන් කුලතුංග මහතා යුද හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලය බටලන්දෙහි සේනාවිදායක වශයෙන් උසස්වීමක් ලබා නික්ම ගියේ නව ආඥාපති තුමන්ට වන්නි අඥාපති වශයෙන් කාර්ය භාර දීමෙන් පසුවය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad