'දුම්කොළ සමාගම වසා දමන්න' - රට බාරගන්න රාජිත සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

'දුම්කොළ සමාගම වසා දමන්න' - රට බාරගන්න රාජිත සූදානම්

'දුම්කොළ සමාගම වසා දමන්න' - රට බාරගන්න රාජිත සූදානම්
දුම්වැටි මිල වැඩි කිරීමෙන් සහ බදු වැඩි කිරීමෙන් දුම්කොළ සමාගම පාඩු ලබන්නේ නම් එය වසා දැමිය හැකි බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
හෙතෙම මේ බව කියා සිටියේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගම්පහ ඔසුසැල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා 
“දුම්කොළ බදු සියයට 90 දක්වා වැඩි කරන විට විවිධ බලපෑම් එල්ල වුනා. යහපාලන රජයෙනුත් බලපෑම් එල්ල වුනා. නමුත් මම එම බලපෑම්වලට යටත් වුනේ නැහැ. 
මට එහිදී විද්වතෙක් ප්‍රකාශ කළා ඉදිරි කාලයේ දී ඔබටත් රට බාර ගන්න පුළුවන් කියලා. එම නිසා ජනතාවගේ පැත්තේ සිට තීන්දු තීරණ ගන්නා ලෙස එම විද්වතා මට පෙන්වා දුන්නා. 
මම තීන්දු තීරණ ගන්නේ අසරණ ජනතාව වෙනුවෙන්. දුම්කොළ සමාගම පාඩු ලබන බව ප්‍රකාශ කරනවා. එහෙනම් දුම්කොළ සමාගම වසා දමන්න පුළුවන්. කිසිවෙක් ඊට විවේචන එල්ල කරන්නේ නැහැ. 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සිටියේ දුම්කොළ සමාගම පැත්තේ. සියයට 80 දක්වා රූපමය අවවාද ඇතුලත් කරන විට හිටපු ජනාධිපතිවරයා ඊට බලපෑම් එල්ල කළා. ශ්‍රේෂ්ඨාධිකරණය එම බලපෑම් මත රූපමය අවවාද සියයට 60 දක්වා අඩු කළා. පාර්ලිමේන්තුව නීති රීති හදනවා. නීතිය හදන්න අධිකරණයට බැහැ. නීතිය ක්‍රියාත්මක කරන්න අධිකරණයට පුළුවන්." යැයි පැවසීය.
 

No comments:

Post a Comment

Post Bottom Ad