දරුවා ලැබී පැය කිහිපයකින් කළුබෝවිල සෞඛ්‍ය නිලධාරිනිය ඩෙංගු නිසා මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

දරුවා ලැබී පැය කිහිපයකින් කළුබෝවිල සෞඛ්‍ය නිලධාරිනිය ඩෙංගු නිසා මරුට

දකුණු කොළඹ කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායිකාවක ඩෙංගු උණ නිසා අවාසනාවන්ත මරනයකට ගොදුරුවූ පුවතක් පෙරේදා (17 වැනිදා) වාර්තා වුණා.
දරුවෙකු ලබන්නට අවසන් සති කිහිපයේ සිටි ගැබිණියකවූ ඇය පසුගිය දිනවල ඩෙංගු රෝගයට
ගොදුරුව සිටි අතර ඇගේ සැමියාටද
ඩෙංගු රෝගය තදින් වැළ‍ඳී දෙදෙනාම රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියා. මේ අතරවාරයේ ඇයට ලැබෙන්නට සිටි දරුවා සිසේරියන් සැත්කමකින් ලබාගතයුතු බවට වෛද්‍යවරුන් නිර්දෙශ කර එය සිදු කර ඇයට බිළිඳියක ලබාගන්නට හැකියාව ලැබුණි. නමුත් අවාසනාවන්ත ලෙස ඇගේ රුධිරයේ පට්ටිකා අගයන් එන්න එන්නම අඩුවී ඇය දරුවා ලැබී පැය කිහිපයකින් මරණයට පත්වූ බව  රෝහල් ආරංචි හෙළි කළා.
මෙසේ මියගොස්‌ තිබුනේ පොලොන්නරුව ජයන්තිපුර යාය 2 පදිංචිකාරියක වූ දීපිකා කුමාරි හේරත් (29) මහත්මියයි. දරුවා හොඳ සෙීඛ්‍ය තත්වයේ සිටින අතර
 සැමියා තවමත් ඩෙංගු නිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මීට මාස කීපයකට පෙරද කළුබෝවිල රෝහලේ හෙද නිලධාරිනියක ඩෙංගු රෝගයෙන් මියගිය අතර රෝහල් කාර්ය මණ්‌ඩලයේ 30 දෙනෙක්‌ ද ඩෙංගු වැළඳීමෙන් දැඩි පීඩාවට පත්වූ බව වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad