ඉඩමක් ගොඩ කරන්න ගෙනා පස්වල පොලිතින්වලින් එතූ මළසිරුරක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

ඉඩමක් ගොඩ කරන්න ගෙනා පස්වල පොලිතින්වලින් එතූ මළසිරුරක්


ඉඩමක් ගොඩ කිරීම සඳහා මුදල් දී රැගෙන ආ පස් තොගයක තිබී මළ සිරුරක කොටස් හමුවීමේ පුවතක් කලවාන තපස්සරකන්ද ගමෙන් වාර්තා වෙයි. එම පස් ගෙනැවිත් ඇත්තේ පාරක් කැපීමේදී ඉවත් කර ගොඩ ගසා තිබූ ස්ථානයකිනි.

පස් ඉවත් කෙරුණ පාරේ කොටසක් වැටී ඇත්තේ පරණ සුසාන භූමියක් හරහාය. ඉඩම අයිතිකරු මළ සිරුර දැක ඇත්තේ වාහනයකින් ගෙනැවිත් දැමූ පස්ගොඩ අසල සුනඛයන් පොරකන අයුරු දැක පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව කියයි. හිස හෝ අනන්‍යතාව හඳුනාගත හැකි වෙනත් කිසිම සලකුණක් සිරුරු කොටස් සමඟ නොවීය.

සාම්ප්‍රදායික ලෙස මිනී පෙට්ටියක නොදමා පොලිතීන්වල පමණක් ඔතා තිබීම ගැන සැක මතු වී තිබේ.

ඉඩම අයිතිකරුගේ පැමිණිලි කිරීම මත පැමිණි කලවාන පොලිසියේ නිලධාරීන් වහාම ස්ථානයට ආරක්ෂාව සපයා ඇත. පොලිසියේ දැනුම්දීම අනුව රත්නපුර අපරාධ ස්ථාන විමර්ශන (සෝකෝ) නිලධාරීහුද පැමිණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කළහ. මේ ඉහත කී සුසාන භූමියේ කලකට පෙර වළ දමන ලද මිනියක කොටස්ද එසේ නැත්නම් කිසියම් අබිරහසක් වසන් කිරීමේ අරමුණින් පිටතින් ගෙනැවිත් පස් ගොඩට යටකර ගිය එකක්ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂා කරගෙන යයි.

 කලවාන - සේන ජයකොඩි

No comments:

Post a Comment

Post Bottom Ad