දිස්ත්‍රික්ක 07 කට නායයාමේ අනතුරු හැගවිම්. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

දිස්ත්‍රික්ක 07 කට නායයාමේ අනතුරු හැගවිම්.

පවතින අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07 කට නායයාමේ අවදානමක් මතුව තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වනවිට අනතුරු අඟවා තිබේ.

ඉතිරි පැය 24 ක කාලයක් සඳහා මෙම නාය යාමේ අනතුරු ඇඟවීම ප්‍රකාශයට පත්කර ඇත.

මේ අනුව බදුල්ල, මොනරාගල, මහනුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල දිස්ත්‍රික්කවල කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව නායයාම්, කඳු කඩාවැටීම් හා ගල් පෙරළීම්, ගස් පෙරළීම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment

Post Bottom Ad