කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්?  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්? 

කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ඊට හේතු වී ඇත්තේ පසුගිය මැයි මස 12 වනදා, එම බැංකුවෙන් ලබාගත් බව සැකකෙරෙන ගිගාබයිට් 6.97ක දත්ත ප්‍රමාණයක් 'බොස්කර්ට්ලාර්' නම් හැකර්වරුන් පිරිසක් විසින් අන්තර්ජාලයට මුදා හැරීමය.

තුර්කිය මූලස්ථානය ලෙස පවත්වාගෙන යන බවට සැකකෙරෙන මෙම හැකර්වරුන් කණ්ඩායම තවත් දකුණු ආසියානු බැංකු 05ක මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'ඉන්වෙස්ට්බෑන්ක්' සහ කටාර් බැංකුවේ ද දත්ත සමූහයක් මෑතකදී මුදා හැර ඇතැයි වාර්තා විය.

මේ ආකාරයෙන් පිටවූ දත්ත අතර වාර්ෂික වාර්තා, බැංකු ප්‍රකාශන ආදී ලියකියවිලි ඇති අතර බැංකුවේ ගනුදෙනුකරුවන්ගේ විස්තර පිටවීමක් සිදුව නැති බව සඳහන් වේ. මේ අතර මෙම දත්ත පසුගිය නොවැම්බර් මාසයේදී පමණ පිටව ඇති බවට සැකකරයි.

මැයි මස 12 වනදා මෙම දත්ත මුදා හැරීමත් සමඟම අදාල හැකර්වරුන් සමූහය ඒ බව ට්‍විටර් හරහා දැනුම් දී ඇති බවත් කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියද එම දත්ත පිටවීමෙන් පසු සුලු වේලාවකට කෙටි කාලීන අක්‍රියවීමකට ලක් වී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් මැයි 13 වනවිට එම වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කර තිබිණි.

මේ අතර මෙම හැකරුවරුන් මෙසේ බැංකුවල දත්ත සොරකම් කරන්නේ මන්ද යන්න තවමත් ගැටලුවක් වන බවත් ඔවුන් ඉන් කිසිදු මූල්‍යමය වාසියක් හෝ වෙනත් යමක් අත්කර ගන්නා බවක් නොපෙනෙන බවත් වාර්තා වේ.
A sample file from the Commercial Bank of Ceylon dump 

No comments:

Post a Comment

Post Bottom Ad