ආණ්‌ඩුවේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු සංඛ්‍යාව දැන් කොපමණදැයි වහා හෙළි කරන ලෙසට බල කරමින් විපක්‍ෂයේ සිටින එජනිස මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ඊයේ (06) සිය අසුන්වලින් නැගිට ඝෝෂා කිරීම නිසා සභා ගැබෙහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගැනිණි.
"අදත් තුන්දෙනෙක් දිවුරුම් දුන්නා. දැන් ගාණ කීයද... ගාණ කීයද.... යෑයි අසමින් මෙම මන්ත්‍රීවරු කෑ ගැසීමත් ඊට පිළිතුරු ලෙස ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන් ඝෝෂා කිරීමත් නිසා පාර්ලිමේන්තුව ඊයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
අපිට දැන් මේ මොහොතේම ඇමැතිවරු සංඛ්‍යාව කීයද කියා දැනගන්න ඕනෑ" යෑයි විපක්‍ෂයේ මන්ත්‍රීවරු කෑගසා කියද්දී "හරි... හරි... අපි හෙට ගාණ හරියට කියන්නම්..." යෑයි සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය. මෙම ඝෝෂාකාරී තත්ත්වය හට ගත්තේ විමල් වීරවංශ මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් කළ ප්‍රකාශයත් සමගය.
“ඒකාබද්ධ විපක්‍ෂය අත්සන්කර විශ්වාසභංග යෝජනා දෙකක් භාර දුන්නා. එය ඔබතුමා පිළිගත්තා. ඒ අනුව පෙනෙනවා ජාතික ආණ්‌ඩුවක් නැති බව. අදත් නියෝජ්‍ය ඇමැතිවරු 3 ක් දිවුරුම් දුන්නා. අපට කියන්න ඇමැතිවරුන් නියෝජ්‍ය ඇමැතිවරු කී දෙනෙක් ඉන්නවාද?“ විමල් වීරවංශ මහතා එහිදී මෙසේ සඳහන් කළේය.
කථානායකවරයා - මට ඇමැතිවරු ගණන කියන්න අයිතියක් නෑ. මම නොවේ පත් කරන්නේ. පාර්ලිමේන්තුව විහිළුවකට ගන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා.
සභානායක - මේ අය ගාණ ඇහුවා. ඉඩ තියෙනවා මේ පැත්තට එන්න.
විජයදාස රාජපක්‍ෂ මහතා- ඒකාබද්ධ විපක්‍ෂයෙන් අඩුවූ ගණන කැබිනට් මණ්‌ඩලයට එකතු කළාම අද තිබෙන ඇමැති සංඛ්‍යාව හදා ගන්න පුළුවන්.
එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:
Post a Comment